05 කොටස

497 84 26
                                    

"සපු....."

"ම්හ්ක්....."

"ම්හ්ක් නෙවෙයි..... කෝ නැගිටින්නකෝ මේ කිරි එක බොන්න....."

සුදු බෙබි මගෙ ඔලුව අත ගාන ගමන් කතා කරාම මම ඇහැරිලා ඇදේ ඉද ගත්තා. ඇගට ලොකු සිතලක් දැනුන නිසා මම අත් බැද ගත්තම සුදු බෙබි මන් දිහා බැලුවා

"සපුට සිතලයිද....."

"ම්ම්ම්....."

"කෝ ඉන්නෝ..... අපි ඇදුමක් දා ගමු..... ඊක්කෙ මේ ඔක්කොම එලියේ දාගෙනනේ....."

සුදු බෙබි මගෙ බඩත් චුට්ටක් මිරිකලා එහෙම කියන් මගෙ අල්මාරිය පැත්තට ගියාම මම ඇනුමක් අරින ගමන් ඇස් පොඩි කර කර සුදු බෙබි දිහා බලන් හිටියා. දිග කලිසමකුයි අත් දිග ලොකු ටි ශර්ට් එක්කුයිකු අර්න් ආව සුදු බෙබි මට එක අන්දවලා මගෙ කට සොද ගන්න වතුර විදුරුවක් මගෙ අතට දුන්නා. ඇදෙන් මම නැගිටලා වතුර ටිකක් කටට අරන් සොදලා ජනෙලෙන් එලියට විසි කරලා කිරි එක බොන්න ඇද ලගට ගියාම සුදු බෙබි මාව ඇදලා එයා ලගට අරන් එයාගෙ උකුල උඩ වාඩි කර ගත්තා. මම සුදු බෙබිගේ කකුල් දෙක උඩ ඉදගෙන කිරි එක බොද්දි සුදු බෙබි මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බලලා මගෙ කම්මුලක් එබෙන්න හාදුවක් දුන්නා.

"සුදු බෙබි ක්ලාස් යන්නෙ නැ?...."

කිරි එක ඔක්කොම බිලා සුදු බෙබි අතට කොප්පෙ දිලා මන් ඇහුවම සුදු බෙබි මාව තුරුල් කරන් මගෙ පිටට මුන තියා ගත්තා.

"සපුට සනිප නැතුව ඉද්දි සුදු බෙබිට සපුව දලා යන්න බැනේ..... කෝ දැන් අපි යමුකෝ මුන සොදන්න..... මුන සොදලා බෙහෙත් බොමු......"

මාවත් බිමින් තියලා කොප්ප දෙකම ගත්ත සුදු බෙබි එහෙම කිව්වම මගෙ මුන ඇද වෙලා ගියේ මම කසාය බොන්න කැමති නැති නිසා. සුදු බෙබි පස්සෙන්ම කකුල් ඇද ඇද ගිහින් දත් මැදලා මුනත් සොදන් මම කුස්සියට ගිහින් බංකුවෙ වාඩි උනා.

"සපු බෙබිට දැන් උණ හොදයිද....."

"ම්ම්ම්....."

එළවළු කපන ගමන් හිටිය කුසුමාම්මා සින්ක් එකෙන් අතත් හොදන් චිත්ත පොටෙන් අත පිහ දලා මගෙ නලලට අත තියලා බලලා මගෙ ඔලුවත් අත ගාන් ගිහින් ආයෙත් එළවළු කපන්න ගත්තා.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now