31 කොටස

380 67 25
                                    

කාමරෙට ආවත් මොකද මම අන්තිමට නැවතුනේ හොද නින්දක් නිදාගෙන. පැනඩොල් දෙකක් බිලා නිදා ගත්තත් තාමත් අඩුවක් නැ. කන් දෙක අගුලු වැටිලා වගෙ. එහෙන් ඇස් දෙකත් දනවා. උගුරත් කටු ගෙඩියක් හිර වෙලා වගෙ කෙල ටිකක්වත් ගිලින්න බැ. උන ගැනෙන්නද මන්දා.

අමාරුවෙන් හරි ඇදෙන් බැහැ ගත්ත මම මුන පොඩ්ඩක් සොදන් මතෙන් වගෙ වැනි වැනි කාමරෙන් එලියට ගිහින් පහලට ගියා. සුදු බෙබිලා ආවද දන්නෙ නැ. පහලට යන්න ගියත් මොකද පඩිපෙළ නිකම් දෙපැත්තට වැනෙනවා වැනෙනවා වගෙ. ඇස් පිය දෙකතුනක් ගලා මම පඩිපෙළ බහින්න ගත්තත් මගදි මම ලිස්සලා වැටෙන්න ගියා. එත් මම වැටුනෙ නැ කවුරු හරි මාව අල්ල ගත්තා.

යෝගට් පට හමක් තියෙන. ඇස් දෙකත් කොරියන් කෙනෙක් වගෙ උන ලස්සන කොල්ලෙක්. මව අල්ල ගත්තේ එයා. කවුද කියලා මම නොදන්නවා උනත් මම එයා දිහා ශොක් වෙලා වගෙ බලන් හිටියා. මගෙ ඉනෙන් අල්ලන් මගෙ මුනට කට කොනින් හිනා වෙලා පහත් වෙලා ඉන්න එයා මගෙ එක් අතකුත් අල්ලන් ගිටියේ හරියට නිකම් හින්දි ෆිල්ම් එකක සීන් එකක් රගපානවා වගෙ.

ශලීන් මිවුර ඉරුගල් බණ්ඩාර

"ඔහ් මයි ගොඩ්...... ලංකාවල.මේ තරම් කියුට් බොයිස්ලා ඉන්නවා කියලා දන්නවනම් මම කලින්ම මෙහෙ ඇවිත්නේ......"

වැටෙන්න ගිය මගෙ ඉනෙනුත් අල්ලන් මාව වැටෙන්න නොදි අල්ල ගත්ත ඒ කෙනා කියද්දි මම එයා දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.

"සපු....!!!"

සුදු බෙබිගෙ කටහඬ පඩිපෙළ පහලින් ඇහෙද්දි මමයි මාව අල්ල ගත්ත ඒ කෙන‍යි එහෙම්ම ඉදන් ඒ පැත්ත බැලුවා. අත් දෙකත් මිටි කරනගෙන ඇසුත් රතු කරන් සුදු බෙබි තරහින් පුපුරද්දි ඒ මුන දැකලා මට හිනාවකුත් යන්න ගියා.

"මලකට මැස්ස මං රොන් බිබි තිස්සෙම
ඉද්දි මග හැර ගියා වස්සානේ
කලකට ඉස්සර දෙවගන වෙස්වලා
මං ලගට බැස්සා මේ යක්ශ- අම්මටහුඩු..... සිසිවන උවන ඉග සුග ගත හැකි මිටිනනේ....."

එත් එක්කම ටැබ් එක්කුත් කරක කරක සිංදුවත් කියන ගමන් ආව මිනෙල්ක සුදු බෙබි ලගම බ්‍රෙක් ගැහුවා. මම ඉක්මනට අර කෙනාගෙන් අයින් වෙලා සොරි කිව්වේ එයා මන් දිහාම බලන් ඉද්දි. එත් එක්කම අඩියට දෙකට පඩිපෙළ නැගලා මන් ලගට ආව සුදු බෙබි මාව එයා ලගට ඇදලා අර ගත්තෙ හෙම්බිරිසා අමාරුවයි උන ගන්නත් වගෙ ඇගම රිදෙන නිසා මම සුදු බෙබි කරෙ එල්ලෙද්දි.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now