13 කොටස

997 139 25
                                    

මම මතුරලා දුන්න දෙහි ගෙඩිය බිලා පැයක් දෙකක් ගියාම ලොකු මැනිකේගෙ වමනේ යන ‍එක නැවතුනත් බඩෙ අමාරුව නැති කර ගන්න බැරි උනා. අන්තිමට ගිහින් ගිහින් යන්න දෙයක් නැතුවම කොහෙද ලොකු මැනිකේ ඇගෙ පනක් කියලා නාමයක් නැතු නිසා ඇදට වැටුනා. ලොකු මැනිකේ රෑට කන්නවත් කාමරෙන් එලියට එන්නෙ නැතුව කුසුමාම්මාට කියලා කාමරෙට බත් එක ගෙන්න අරන් කැවම අපිත් කැම මෙසෙට වෙලා කන්න ගත්තා.

"කුසුමාම්මේ ලොකු මැනිකේට දැන් හොදයිද..... තාම කාමරෙන් එලියට ආවේ නැනේ....."

"දැන්නම් අමාරුවක් නැ සපු බෙබි..... සමහරවිට ඔය එන්නෙ නැතුව ඉන්නවා ඇත්තේ උන දේට මුහුණ දෙන්න බැරුව වෙන්නැති......."

වෙනදා මම ස්කොලෙට යන්න කලින් ලොකු මැනිකේ ඇහැරිලා හිටියත් අද කාමරෙන් එලියටවත් ආවේ නැති නිසා තාම හොද නැද්ද කියලා දැන ගන්න කුසුමාම්මාගෙන් ඇහුවත් කුසුමාම්මා මගෙ කනට කරලා කිව්ව දෙත් එක්ක මට හිනා ගියේ සමහරවිට එක ඇත්ත වෙන්න ඇති කියලා හිතුන නිසා.

"කොල්ලො සපු......"

"ලොකු හාමු......"

ලොකු හාමු එක්ක ස්කොලෙට ආව මම මගෙ අස්විම අරන් ඔෆිස් එකෙන් එළියට ඇවිත් මම පංතියට යන්න හැදුවම ලොකු හාමු මාව නවත්ත ගත්තා. අනේ දැන්ම මාව වලව්වට එක්කන් යයිද එතකොට කොහොමද මම මගෙ යාලුවොන්ට සමු දෙන්නෙවත්.

"අහ් මෙන්න මෙක අරන් ගිහින් යාලුවොන්ට අද මොනාහරි අරන් දෙන්න....."

මගෙ අතේ පන්දහෙ කොලයක් තියන ගමන් ලොකු හාමු කිව්වම මම ලොකු හාමු දිහා පුදුම වෙලා බැලුවා. මෙච්චර සල්ලියක් මන් මොනා කරන්නද. මම ලොකු හාමු දිහා බලන් ඉද්දි හිනා වෙලා මගෙ ඔලුව අත ගැව ලොකු හාමු යන්න ගියේ මමත් ලොකු හාමු දුන්න සල්ලි සාක්කුවෙ දාන් යන්න යද්දි. අලුත් වාරයක් නිසා දැන් යන්න ඉන්නේ දහය වසරෙ නිසාත් දිග් කලිසම් අදින්න තිබ්බත් මම කොට කලිසමක්ම ඇදන් ආවේ කොලඹ ස්කොලෙට එවා අදින්න තියා ගන්න ඔනි නිසා. ස්කොලෙ යන කොල්ලෙක් දිග් කලිසමක් අදින්න පුලුවන් වෙනකම් බලන් ඉන්නෙ මාර ආසාවෙන්. එක හරියට නිකම් කොල්ලොන්ටෝ දැනෙන්නෙ අයියා පට්ටමක් ලැබුනා වගෙ. කොට කලිසම් අදින මල්ලිලාට උනත් තගේ දලා ඉන්න පුළුවන්නේ දිග් කලිසම ඇන්දම. අපෙ වයසෙ ගොඩක් කොල්ලො අද දිග් කලිසම් ඇදන් ඇවිත් හිටියත් ටික දෙනෙක්නම් මම වගෙම කොට කලිසම්ම ඇදන් ඇවිත් හිටියා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now