10 කොටස

1.1K 151 36
                                    

සුදු බෙබි තේ එක බිලා ඉවර වෙනකම් බලන් හිටිය මන් තේ බිපු කොප්පෙයි ඉතුරු කෙක් කැලි ටිකයි අරන් යන්න හැදුවත් සුදු බෙබි ආයෙත් මගෙ අතින් අල්ලලා නතර කර ගත්තා.

"සුදු බෙබි....."

"සපු.... මන් එක්ක කුඹුරට යමුද..... මට මග හැරුන එ දවස් වලට ආයෙත් යන්න ඔනි....."

මගෙ අතිනුත් අල්ලන් ඇත බලන් හුස්මක් අත ඇරලා සුදු බෙබි කිව්වම මම මගෙ අනිත් අතින් මගෙ අත අල්ලන් ඉන්න සුදු බෙබිගෙ අතින් අල්ල ගත්තා.

"සුදු බෙබි හදන්නෙ එ මගහැරන කාලේ ආයෙත් විදින්නද......"

"ම්ම්ම් ඔව්..... සපු කැමති නැද්ද මන් එක්ක ආපහු ඉස්සර වගෙ ඉන්න....."

"අපි දෙන්නම දැන් එ කාලෙ වගෙ නෙවෙයි සුදු බෙබි..... අපි දැන් හුගක් ලොකු වෙලා....."

"වයස ගියාට ආසාවල් මැරෙන්නේ නැ සපු..... අපේ අම්මලා තාත්තාලා උනත් මිදුලට බැහැලා සෙල්ලම් කරනවා කියලා හිතන්නකෝ..... දකින මිනිස්සුන්ට එක මොඩ දෙයක් වගෙ පෙනෙයි..... එත් මමනම් දකින්නෙ ඒ එයාලා හැසෙරෙන්නෙ එයාලගෙ ළමා කාලේ වගෙ කියලා..... මිනිස්සු කොච්චර වයසයට ගියත් ආයෙත් පොඩි කාලෙට යන්න ආස කරනවා සපු..... මොකද ජිවිතේ ගැන තෙරුම් යන්න යන්න..... ගෙදර බර පවුලේ බර කර උඩට එන්න එන්න එයාලා හිතනවා අනේ අපි පුංචි කාලෙම හිටියනම් හොදයි නෙද කියලා..... මමනම් හිතන්නෙ නැ සපු පුංචි කාලෙ කරපු සමහර දෙවල් ආයෙත් කරන්න වයසක් අදාලයි කියලා....."

"සුදු බෙබි ලොකු  කතා කිනවා දැන්....."

"ලොකු කතා නෙවෙයි සපු හිතට දැනෙන දේ මම කිව්වේ..... සපුට ඉස්සර වගෙ ඉන්න බැ වගෙනම් මම බල කරන්නෙ නැ සපු..... එක ඔයාගෙ කැමැත්තනේ....."

"මගෙත් අකමැත්තක් නැ සුදු බෙබි......"

මම බිම බලාගෙම එහෙම කිව්වම ඉදන් හිටිය තැනින් නැගිටලා සුදු බෙබි මන් ලගට ඇවිත් මගෙ ඔලුව අත ගාන්න ගත්තා.

"එහෙනම් ඔය ටික ඇතුලින් තියලා එන්න..... මම වත්ත පහල බලන් ඉන්නම්......"

මම සුදු බෙබිට ඔලුව වනලා හා කියලා දුවලා වලව්ව ඇතුලට ගියේ නොකිව්වත් මමත් සුදු බෙබි එක්ක ඉස්සර වගෙ කුඹුරෙ යන්න ඇලේ ගිහින් නාන්න එහෙම ආසවෙන් හිටිය නිසා. ඉක්මනට කුස්සියට ගිහින් කෙක් ටිකත් ආපහු ෆ්‍රිජ් එකෙන් තියලා කොප්පෙත් හොදලා මම කුස්සිය දොරෙන් එළියට පැන්නෙ සුදු බෙබි වත්ත පහල.ඉන්නවා කිව්ව නිසා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now