12 කොටස

1.1K 136 20
                                    

පහුවදා උදේම නැගිටලා මුනත් සොදන් කිරි එක බිව්ව මම සුදු බෙබි හොයද්දි සුදු බෙබි ලොකු හාමු එක්ක ගමනක් ගියා කියලා කුසුමාම්මා කිව්වම මම ගියේ මගෙ පොඩි ගාර්ඩන් එකට. එදා පැල කරපු දවල් කුමාරියා අතු කැලි පැල වෙලා පොඩි පොඩි දලු ඇවිත්. දැන් මේ ටික ලොකු වෙලා පොකුරුවට කහ පාට රොස පාට මල් පිපුණම මාරම ලස්සනට තියෙයි. දවල් කුමාරියා මල් පාත්තියට වතුර ඉහලා මම ගියේ අනිත් පැල බලන්න. අනිත් පැල ටිකත් බලලා වතුර දැම්ම මම මල් බකට් එකයි මල් කපන කතුරයි අරන් ගියේ මගෙ වටිනම පැලේ ලගට. සුදු පාට මල් පිරිලා තියෙන සමන් පිච්ච පැලේ ලගට ගිය මම එක හැදෙන්න ගහලා තිබ්බ මැස්සෙන් පිට පැන්න අතු ටික කපලා දලා වතුරත් දලා යන්න ගියේ කුස්සිය පැත්තට කුසුමාම්මාට උයන්න උදව් වෙන්න.

(සලාං)

මල් බකට් එකයි කතුරයි එළියේ හදලා තිබ්බ පොඩි වලම් මැස්ස උඩ අරන් තිබ්බ මම කුස්සිය පැත්තට යනකොටම ඇහුනේ මොකක් හරි වලදක් කුඩු වෙන සද්දයක්. අනිවාරෙන් කුසුමාම්මා අතින් වලදක් බිදෙන්න ඇති. දැන් ඉතින් ලොකු මැනිකේ ඔකටත් දහසක් දෙවල් කියයි. එහෙම හිත හිත මම සිංදුවකුත් කියන් එ පැත්තට ගියා.

"අම්බලමේ පිනා පිනා..
වලං කදක් ගෙනා ගෙනා...
එක බිදපු ගොනා ගොනා....
උඩ පැන පැන හිනා හිනා...."

සද්දෙන්ම මම එහෙම කියන් එලියෙ තියෙන කුස්සිය දොරෙන් ඇතුලට ගියත් දොර ලගම නතර වෙන්න උනේ මුනත් දෙක කරන් රවන් හිටිය ලොකු මැනිකේ නිසා. ඇයි අනේ මට රවන්නෙ මමද වලද කුඩු කරේ.

"ඈ බොල යකෝ.... මමද දැන් ගොනා...."

ලොකු මැනිකේ ඉනටත් අත් දෙක තියන් එහෙම අහද්දි මම කටත් ඇරන් ලොකු මැනිකේ දිහා බැලුවේ එ මොකක්ද ඒ කිව්වේ කියලා. කුසුමාම්මා දිහත් හෙමිට මොකද උනේ අහන්න බැලුවත් කුසුමාම්මා අතින් කට වහන් සද්දෙ ඇහෙයි කියලා බයට හිනා වෙනවා.

"ඇ... ඇයි මැනිකේ....."

"ඇයි?..... ඇයි නෙවෙයි උබ මටද ගොනා කිව්වේ කියලා ඇහුවේ ..."

"මම කොයි වෙලෙද මැනිකේට ගොනා කිව්වේ....."

මැනිකේ එයාට ගොනා කිව්වෙ ඇයි අහද්දි මම කල්පනා කරෙ මම එහෙම කොයි වෙලෙද ලොකු මැනිකෙට කිව්වේ කියලා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now