30 කොටස

953 127 56
                                    

උදේම ඇහැරුන මම මට දැනෙන උණුහුමට තව තව ගුලි වෙන්න හිතුනා. එත් ආයෙත් නින්දක් නැ කියලා දන්න නිසාම මම හිමිට ඔලුව උස්සලා සුදු බෙබි දිහා බැලුවා. සැනසිල්ලෙ පිය විලා තියෙන එ ඇහි පිහාටු දිහා බලන් හිටිය මම ඒ දිගේ හිමිට ඇගිල්ලක් අරන් ගියා. සුදු බෙබි ඇත්තටම හරිම ලස්සන මනුස්සායෙක්. පෙනුමෙන් වගෙම හදවතිනුත්. මේ මනුස්සායාගෙ ආදරෙ මටම වෙන්න මම ඇත්තටම ලොකු පිනක් කරලා ඇති.

තමන් ආදරෙ කරන කෙනාගෙ උණුහුමේ ඒ තුරුලේ නිදාගෙන එ උණුහුම් තුරුලෙම නැගිටින එක හැම ආදර වන්තයෙක්ම ආස කරනවා. ඒ අතින් මම හුගක් වාසනාවන්තයි. මගෙ ආදරෙ තුරුලට වෙලා සැනසිල්ලෙ ඇස් පියාගෙන ඒ තුරුලේම ඇස් අරින්න තරම් මම වාසනාවන්තයි. මගෙ ජිවිත කතාව නිමා වෙන තැන උනත් මට ඔනි මේ තුරුලේම ඇස් දෙක පියා ගන්න විතරයි.

සුදු බෙබි දිහා ටිකක් වෙලා බලන් හිටිය මම එයාගෙ නලලට තොල් තද කරලා හාදුවක් තියලා එයාට ඇහැරෙන්න නොදි මම හිමිට එයාගෙ ඇග උඩින් අයින් උනා. දැන් වෙලා හයට විතර ඇති. ඉස්සර උදේම නැගිටලා පුරුද්දටද මන්දා දැන් හය පහු වෙනකම් නිදා ගන්න බැ ඇහැරෙනවා. හිමිට මන් මගෙ නිරුවත් කකුල් ටයිල් පොලවට තිබ්බේ. ටයිල් පොලවවේ සිතල මගෙ යටි පතුල දිගේම ඇවිත් මුළු ඇගෙම හිරියක් අරන් යද්දි. අත් දෙකත් අතුල්ලන ගමන් වොශ් රුම් ගියපු මම හොට් වොටර් වලින් වොශ් එක්කුත් දාන් කාමරෙට ඇවිත් අත් කකුල් දිග ඇගට සනිප ඇදුමකුත් දාන් කාමරෙන් එලියට ආවා.

ගෙදර හිටර් කරලා තියෙන නිසා ගේ ඇතුලේ සිතලක් නැති උනත් එලියට ගියොත් නම් දත් ටිකත් කට කට ගලා වද්දන ගමන් වෙව්ලන්න තිබ්බා. ගෙදර කවුරුත් ඇහැරිලා ඉන්නවද කියලා බලන ගමන් එහෙම්ම තේ බොන්න හිතන් මම කිචන් එක හොයන් පඩි බැහැලා යන්න ගියා. කැම කාමරෙ පැත්තට ගිහින් ඊයේ ආවත් කිචන් එක පැත්තට එන්න බරි උන මම කිචන් එකට ලගට ගිහින් පොඩ්ඩක් ඔලුව දැම්මා. අනේ අම්මෝ ඒ කිචන් එක. කිචන් එක දැකලා මගෙ කටත් ඇරුනේ. එක ඒ තරම් ලොකු නිසා. හතර පස් දෙනෙක් අහට්ට මෙහෙට්ට දුවන ගමන් මොනවාද මන්දා හදන්න මහන්සි වෙද්දි මම දොර ල්ගම ඉදගෙන එයාලගෙ කලබලෙ දිහා බලන් හිටියා. සමහරවිට මෙයා මේ තරම් කලබල වෙලා ඇත්තේ සියාපප්පා අද එන නිසා වෙන්න ඇති.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now