11 කොටස

476 67 29
                                    

හවස කමල්ට සුදු බෙබිගෙන් ගුටි කැවා මදිවට ලොකු හාමු ආවයින් පස්සෙ ලොකු හාමුගෙනුත් ගුටි කන්න උනා. අන්තිමට ඉතින් කමල්ගෙ අම්මට එන්න කියලා වලව්වෙන් පනිවිඩයක් යැව්වම කමල්ගෙ අම්මත් ඇවිත් ඌට ගහලා අර පන නැති එකාව කනෙන් අල්ලන් ඇදන් ගියේ ඔලුවටත් තඩි බාන ගමන්. ආයනම් මන් නානවා තියා වෙන කවුරුත් නාන දිහා කමල් බලන එකක් නැ කියලා හිතුනා අද උන දේ නිසා.

"සපු.... සපු...."

රෑට කන්න ඉදි ආප්ප හදන්න කුසුමාම්මට උදව් වෙන ගමන් මම ඉද්දි සුදු බෙබි කුස්සිය පැත්තට කැ ගහන් එනවා ඇහුනා. මම හිතන විදිහට වලව්වට ආවත් හරි සුදු බෙබිගෙ කටෙ තිබ්බෙම සපු කියලා විතරමක්මද කොහෙද. හවස උන දෙයින් පස්සෙ මට පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැ සුදු බෙබි මාව හොයන් එනවා. එහෙන් මට සුදු බෙබිට මුණ දෙන්න ලැජ්ජයි ඇලෙ ඉද්දි උන දෙවල් මතක් වෙලා.

"ඔයා මොකද කරන්නෙ සපු....."

"ඉදි ආප්ප තට්ටු වලට පිටි මිරිකනවා සුදු බෙබි ඇයි....."

කුස්සියට ආව සුදු බෙබි මන් ලගට ඇවිත් හිට ගත්තේ කුසුමාම්මා ලිපෙන් බලා අයින් කරපු ඉදි ආප්ප තට්ටු ආයෙත් මන් ලගින් තියද්දි. හිමිට එ ටික අතුරලා මම ඉදි ආප්ප වංගෙඩියට පිටි දලා ඉදි අප්ප මිරිකන්න ගත්තේ සුදු බෙබි බැම්ම උඩ ඉදගෙන මම වැඩ කරන දිහා බලන් ඉද්දි.

"සපු.මටත් පුලුවන් කරන්න... කෝ මටත් දෙන්නකෝ....."

"සුදු බෙබිට ඇත්තටම පුළුවන්ද....."

"ඔව් ඔව් කෝ දෙන්නකෝ....."

"හරි එහෙනම් ගානට වට්ටි වලට පිටි මිරිකන්න හාද.... ඇතුලේ පිට් ඉවර උනොත් මෙකෙන් ආයෙත් පිටි දා ගන්න..... මම අල ටික සුද්ද කරන්නම්....."

කරන විදිහ ඔක්කොම සුදු බෙබිට කියලා දිලා මම ආවේ තැම්බෙන්න තියලා තිබ්බ අල ටික සුද්ද කරන්න. මම ටික හෙමිට සුද්ද කරද්දි කුසුමාම්මාත් හෝ ගලා සැමන් බොල්ලු වගයක් කපනවා.

"දෙයියනේ සුදු බෙබි......"

කුසුමාම්මා තැම්බුන වට්ටි ටිකත් අරන් සුදු බෙබි ලගට ගිහින් කැ ගහද්දි මම එ ලගට දුවලා ගියේ මොකද කියලා බලන්න. දෙයියනේ තමයිනෙන්නම් සුදු බෙබි පිටි මිරිකලා නෙවෙයි නලා. මුනෙත් එක්ක ඉදි ආප්ප පිටි ගාගෙන මදිවට එහෙන් වට්ටි වල පිටි ගුලි ගුලි මිරිකලා. මදැයි මමත් කෙනෙක්ට ඉදි අප්පා මිරිකන්න දුන්නා.

සපූ 🌼   Yizhan | Nonfiction Donde viven las historias. Descúbrelo ahora