35 කොටස

372 62 11
                                    


මම හිටියේ සුදු බෙබි එක්ක කාර් එකෙ ආපහු වලව්වට යන ගමන්. සියාපප්පලාට මැනිකේ අත්තම්මා ගැන කිව්වම එයාල මටයි සුදු බෙබිටයි යන්න අවසර දුන්නා. ලොකු මැනිකේනම් හැබැයි කැ ගැහුවා, 'ඒ නාකි ගැනිගෙ මල ගෙදර මොකටද යන්නෙ' කියලා. පස්සෙ ලොකු හාමු එයාට කැ ගැහුවම එයා කටවහන් පැත්තකට උනා.

තමන්ගෙ ජිවිතේ ඉහලම තැනක වටිනාකමක් දිලා හිටිය කෙනෙක්ව තමන්ට අහිමි උනා කියලා දැනුනනම ඒ දුක කියලා නිම කරන්න බැ. මැනිකේ අත්තම්මා කියන්නෙත් මගෙ ජිවිතේ මම වටිනාකමක් දුන්න කෙනෙක්.

සුදු බෙබි මම පුංචි කාලේ වලව්වෙන් ගියාම ලොකු මැනිකේගෙ අඩත්තෙට්ටම් නිසා මම නිතරම වගෙ ගියේ මැනිකේ අත්තම්මා ලගට. ඒ ගිහින් මම අඩ අඩ මට වෙන හැම දෙයක්ම කිව්වම එයා මගෙ ඔලුව අත ගලා ඉස්සරහට හැමදේම හොදින් වෙයි දරුවෝ කියලා කියනවා.

ලොකු මැනිකේගෙ නපුරුකම් නිසා හරියට වෙලක්වත් කන්න බැරි උනාම මට 'උබ කාලද කොල්ලො. හිටහන් බත් ටිකක් බෙදන්න' කියලා මට තියෙන්නෙ මොනවද හැමදේම කන්න දෙනවා. අනිත් අයට කියලා නොදුන්න පොඩි පොඩි බෙහෙත් වට්ටොරු මන්තර වගෙ දෙවල් උනත් එයා මට කියලා දුන්නා.

අත්තම්මේක්ගෙ ආදරෙ ආම්මට දෙවෙනි නැ කියනවලුනේ. ඉතින් අත්තම්මා තියා අම්මවත් නැති මට මැනිකේ අත්තම්මා මගෙම අත්තම්මා උනා. කරල් ඇහිදලා මම උස්සන් ගියාම අනේ එයා මුදලාලි මාමට වඩා වැඩි ගානක් මට දිලා කිරලවත් නොබලා ඒ ටික ගන්නවා. අවුරුදු දවස් වලට ගිහින් වැන්දම අනිත් පොඩි අයට සියක් දෙසියක් දිලා මගෙ අතට දාහක් දෙදහක් මිට මොලවනවා. අදින්න මොනාහරි ගනිම් කියලා.

මම දන්නෙ නැ ඇයි කියලා. මැනිකේ අත්තම්මා මට සැලකුවේ එයාගෙ මුනුබුරෙක්ට වගේ. එයාගෙ දරුවෝ රට ගිහින් ඉන්න නිසා. එයා නිතරම තමන්ව හොයන් එන අයව තමන්ගේ දරුවෝ වගෙම හිතලා ගෙදරට පිලි ගත්තා. එහෙම එන කෙනෙක්ට බත් කටක්වත් නොකා ඒ ගෙදරින් යන්න දෙන්නෙ නැ.

මට මතකයි මැනිකේ අත්තම්මා කියනවා.

"අපි හැමෝම මේ ලොකෙට ඇවිත් ඉන්නෙ දවසක යන්න බලාගෙන...... ඉතින් ඉන්න ටික කාලේ අනුන්ට කරදරයක් නොවි සතුටින් ඉන්න ඔනි..... අපිට යන්න වෙන වෙලාව කොයි වෙලෙද කියන්න කවුරුත් දන්නෙ නැ...... ඉතින් මනුස්සයෙක්ගෙ හිතක් නොරිද්දා අපි සතුටින් හිටියොත් ඒ යන්න එන වෙලාවට උනත් අපිට සතුටින් යන්න පුලුවන් දරුවෝ......."

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now