18 කොටස

380 66 13
                                    


හිතට දැනෙන හැගීම් මෙකයි කියලා හිතා ගන්න බැරුව කවදාහරි අසරණ වෙලා තියෙනවාද. කෙනෙක් අපි ලග ඉද්දි හිත මහා අමුතු සතුටකින් පිරිලා යනවනම් එ සතුට වෙන කෙනෙක් ලග ඉද්දි නොදැනෙනවනම් මොකක්ද ඒ හැගිමට දෙන්න පුලුවන් නම. මට තෙරුම් ගන්න බැ සුදු බෙබි මට ලන් වෙද්දි ඇයි මගෙ හිත අමුතු විදිහකට ගැස්සෙන්නෙ. ඇයි මගෙ හිත අමුතු සතුටකින් පිරිලා යන්නෙ. පුංචි කාලෙදි මන් එයාට ගොඩක් ලන් වෙලා හිටියා. එත් දැන්, මට එහෙම ලන් වෙන්න බැ. මගෙ හිත මහා කොල හැගිමකින් පිරිලා යනවා එ වෙලාවට. මගෙ ඇග ඇතුලේ මහා අමුතු විපර්යාස ගොඩක් වෙනවා. මේ දැන් උනත් මමගෙ කකුල් දෙකට වාරු අරන් ඉන්නෙ හුගක් අමාරුවෙන් මොකද මගෙ පිටි පස්සෙන් මාව බදාගෙන සුදු බෙබි සද්දෙන් දලා තියෙන මියුසික් එකට දෙපැත්තට වැනෙනවා. එකත් මගෙ උරහිස උඩ ඔලුව තියාගෙන. මෙහෙම සෙනක් මැද මට සුදු බෙබි එක්ක මෙහෙම ඉන්න අපහසුවක් දැනෙනවා. දකින අයට පෙන්නෙ මායි එයයි සහෝදරයෝ කියලා මම එක දන්නවා එත්. සුදු බෙබි මට කිව්ව දෙත් එක්කයි මෙහෙම ඉන්න නිසයි මගෙ හිත නොසන්සුන් වෙලා එ මදිවට හදවත හයියෙන් ගැහෙනවා. මට බයයි මේ ගැහිම නිසා. මන් හිතන්නෙ සමහරවිට මට ලෙඩක් හැදිගෙන එනවද මන්දා. මම මෙහෙ සුදු බෙබි එක්ක වැනි වැනි ඉද්දි අරහෙ සහස්න රශෙන් අයියා එක්ක හොදට ඩාන්ස් කරනවා. අනේ මට මෙතන ඉන්න බැ අප්පා මට පපුව අමාරුව වගෙ.

"සුදු බෙබි....."

"ම්ම්ම්ම්....."

මම සුදු බෙබි දිහාට මුහුණ හරවලා කතා කරත් එයා ඇස් දෙකත් පියාගෙන එහෙම්මම ඉදන් හ්ම්ම් කිව්වා. අනේ සුදු බෙබි මාව අතරින්නකෝ අයියෝ. මට එහෙම කියන්න ඔනි උනත් මගෙ හිත මට එකට ඉඩ දුන්නෙ නැ. මන් දන්නෙ නැ ඒ ඇයි කියලා එත් මගෙ හිත අස්සෙ සුදු බෙබි මාත් එක්ක මෙහෙම ඉන්නවට පොඩි කැමැත්තකුත් නැතුවම නෙවෙයි. එත් දෙයියනේ ඇග ඇතුලේ මෙහෙම අමුතු දෙවල් වෙද්දි කොහොමද සන්සුන් හිතකින් මම සුදු බෙබි ලග ඉන්නෙ.

"මට වොශ් රුම් යන්න ඔනි....."

කියන්න දෙයක් නැතිම තැන මම සුදු බෙබිට එහෙම කිව්වම සුදු බෙබි මගෙ හුරහිසෙන් ඔලුව අරන් මාව එයාගෙ පැත්තට හරව ගත්තා. මන් දිහා හිනා වෙලා බැලුව සුදු බෙබි මගෙ කොන්ඩෙ අස්සෙන් එයා හිනි දිග ඇගිලි යවලා උඩට කරලා හැදුවේ මම එයා දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලන් ඉද්දි. මොකක්ද මට මේ දැනෙන අමුතු හැගිම සුදු බෙබි. ඉස්සර වගෙ නෙවෙ මට ඔයාව මහා අමුතු විදිහට දැනෙනවා. සුදු බෙබි දිහාම බලන් එහෙම හිතුව මම ඉක්මනට එ මුනෙන් ඇස් අරන් අහක බලා ගත්තෙ බඩෙ නිකම් පනුවෝ දගලනවා වගෙ හැගිමක් ආව නිසා. බඩගිනි නිසාද මන්දා. එත් දවල් ස්කොලෙන් දුන්න රයිස් එකත් කැවනේ. අයිශ් සමහරවිට විට දැන් වෙලාව හතරට පහට ඇති නිසා වෙන්න ඇති. මොකද මම මේ වෙලාවට හැම දාම තේ එකක් බොන ගමන් මොනාහරි කනවනේ.

සපූ 🌼   Yizhan | Nonfiction Onde histórias criam vida. Descubra agora