34 කොටස

366 63 13
                                    

හතරවටේම එලිය ටික ටික අඩු වෙලා යද්දි රුවන් වැලි සැයේ කොත් කැරෙල්ලෙ ලයිට්ස් ඔන් උනා. අඩ අදුරට දිසෙන කොත් කැරැල්ලෙ මාණික්‍ය කිරි සුදුවට බබලද්දි මගෙ හිතට දැනුනේ හරිම පහන් හැගිමක්. වැව අයිනේ තියෙන ගස් වල කොක්කු රංචු ගනම් වහ ගද්දි ලග පාත අඹ ගස් හිරවුන්ගෙන් පිරිලා ගියා. බෝ ගස් වලටත් වව්ලන් එකා දෙන්නා ඇදිලා එද්දි මමත් සුදු බෙබිත් තිසා වැව ලග ඉදන් අත් පටලන් රුවන් වැලි සැය දිහා බලන් හිටියා. අපි වගෙ ට්‍රිප් ආව එකා දෙන්නා තැන් තැන් වල ඉදන් ෆොටො ගද්දි අපෙ අයත් ඒ වගෙම ෆොටොස් ගහන්න බිසි උනා.

"සපු.... ඔයටත් ෆොටො ගහන්න ඔනිද බබා....."

"සුදු බෙබිට ෆොටො ගහන්න ඔනිද......"

"නැ කියන්නත් බැ සපු..... ෆොටො එක්කින් කෙනෙක්ට පුලුවන් ඒ දිහාම බලන් ඉදලා එ ගෙව්න දවස් ගැන මතක් කරලා සතුටු වෙන්න......"

"ඉතින් මතක හදවතේ තියා ගත්තනම් හැමදාම මතක් කරලා සතුටු වෙන්න පුලුවන්නේ සුදු බෙබි......"

"පන්ඩිත සියා මෙහෙ වරෙන් බන් ෆොටො එකක් ගහන්න....."

මගෙ නයහත් මිරිලා එහෙම කිව්ව සුදු බෙබි මාවත් ඇදගෙන ගියේ වැව අයිනේ හැට ගහලා තිබ්බ ඔරුවකට. ඔරුව උඩ මාව උස්සලා වාඩි කෙරුව සුදු බෙබි මගෙ කකුල් අතර මැදට ඇවිත් මගෙ අත් එයාම එයාගෙ බෙල්ල වටෙ පටලගෙන එක එක විදිහට ෆොටො ගහන්න ගත්තා.

"තිසා වැව ලග රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සද කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාවේ......

ඔහොමනම් බැ. බදාගෙන වෙලිගෙන කිස් කරගෙන තුරුලු විගෙන සෙල්ෆි ගහන්න ෆොටො ගහන්න. උම්මා දෙන්න අමතක කරන්න එපා........"

මිනෙල්ක වැව් කන්ඩිය උඩ සෙරෙප්පු දෙකත් ගලවලා ශශි අක්කගෙ වොයිස් එකෙන් එහෙම කියාගෙන අපි ලගට ඇවිත් අත් දෙකත් ඉනට බැදගෙන හිට ගත්තා.

"මොකද උබ....."

"මොකක්ද සුදු අයියේ අපි ලග ඇපල් පැපොල් ප්‍රො මැක්ස් තියෙද්දි ඔය සැම්සන් එක්කින් සෙල්ෆි ගහන්නේ..... මේ මල්ලිට කිව්වනම් ලස්සන ෆ්‍රි ශුට් එකක් කරනවනේ......"

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now