01 කොටස

1K 98 15
                                    

දුම් දාගෙන මොටර් රිය කන්ද උඩට ඇදෙද්දි වාහනයේ සද්දෙන්ම ඔය එන්නෙ වලව්වේ ලොකු හාමුයි කියලා දැන ගත්ත ගමෙ උදවිය පාරෙන් අයින් වෙලා ඉඩ දුන්නේ හාමු මහත්තයා කෙරෙහි ඇති ගෞරවයකට මිස බයකට නොවීය. කන්ද නැගෙන වලව් වත්තට ඇතුල් වුන මොටර් රිය වලව්ව ඉස්සරහ නතර කරනවත් එක්කම වාහනයෙන් කලබලයෙන් බැස්ස ලොකු හාමු ස්තොප්පුවට ගොඩ විය.

"කුසුමා..... කුසුමා..... කොහෙ ගිහින්ද මේ ගැනි....."

හැද සිටි කබාය ගලවා පුටු ඇන්දට දැමු ලොකු හාමු කැ ගැහුවේ පහල කුස්සියේ උයමින් සිටි කුසුමා හැන්දත් අතැතිව පිටුපස දෙසින් වලව් ඉස්සරහින් මතු වෙද්දි.

"ලොකු හාමු....."

ස්තොප්පුව ලගට එනකම් ආව කුසුමා බායාදුව සහ ගෞරන්විතව ලොකු හාමුට කතා කරෙ ලොකු හාමුට එහායින් ඉදගෙන සිටිය අමුත්තිය දෙස ඇස් අගින් බලන්නත් අමතක නොකරයි.

"කුසුමා මෙන්න මේ නොනාට ඉක්මනට තේ බොන්න මේසෙ ලැස්ති කරන්න...... අහ් ලොකු මැණිකෙටත් මන් කතා කෙරුවා කියන්න......"

"හොදමයි ලොකු හාමු......."

ලොකු හාමුගේ අණින් පසු අමුත්තිය සමග ලෙංගතුව සිනා වුන කුසුමා ඇය අතෙහි ගුලිවි සිටින දරුවා දෙසත් බලා 'හුරතල් කොලු පැටියෙක්' යැයි සිතා නැවැතත් කුස්සිය දෙසට යන්නට විය.

"අපේ මහත්තා ආවද......."

ඔසරිපොටත් අතින් අල්ලන් වලව්ව ඇතුලින් මතු වුන මැණිකේ හිනාවක් මුව පුරවන් ලොකු හාමු ලගට කිට්ටු විය. නමුත් ඇගෙ මුවග තිබු හිනාවට නැති වී යාමට තප්පරයක්වත් ගත නොවුයේ නවින පන්නයට හැදවිත් සිටි දරුවෙකු අතැතිව සිටින අමුත්තිය දුටු විටය. නුරුස්සන ගතියක් හිතට ආ ලොකු මැණිකේ හැරි හාමු දෙස බලන්නට විය.

"අපේ මහත්තයා..... කවුද මේ ගැනි......"

"නාද්‍යා..... මනුස්සයෙක්ට වැදගත් විදියට කතා කරන්න පුරුදු වෙනවා....."

අසොබන ලෙස පිට අයෙකු ඉදිරියේ හැසිරි ඇගට ගොඩ උන ලොකු මැණිකේ නිසා ලැජ්ජාවට වගෙම කොපයටපත් ලොකු හාමු කැ ගසන්නට විය. ඊට හෙතුව වුයේ පැමිණි සිටි අමුත්තියගෙ මුහුණ ලොකු මැනිකෙගෙ වදනින් අපහසු තාවයට පත් විමයි.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now