04 කොටස

469 77 8
                                    




අපි දෙන්නම ඇලට වැටුනම මන් උස නැති ඇලේ වතුර තිබ්බෙ මගෙ බෙල්ල ගාවට විතර එ නිසාම සුදු බෙබ් මාව උස්සලා අල්ල ගත්තම මම බයටම කකුල් සුදු බෙබි ඉන වටෙ පටලන් බෙල්ලෙ වටෙ අත් බැදගෙ ඇස් පියන් උරහිසට ඔලුව තියා ගත්තා. මොකද මන් වතුර හරි බයයි. සුමි නැන්දගෙ පුතා මැරුනේ මේ ඇලේ ගහන් ගිහින් ඉතින් එදා ඉදන් මම ඇලෙ නාන්න හරි බයයි. සපුව ගහන් ගිහින් සපුට මොනාහරි උනොත් සුදු බෙබිට සපු කෙනෙක් නැති වෙනවනේ එ නිසා මන් බයයි.

"සපු ඔයා බය උනාද....."

"ම්ම්ම්ම්....."

"හරි හරි සුදු බෙබි සපු එක්ක ඉන්නවනේ..... ඉන්නකෝ අපි ගොඩට යමු......"

මාවත් උස්සන් ඇල මැද හිටගෙන මගෙ පිට අත ගාන ගමන් මගෙ බය නැති කරන්න හැදුව සුදු බෙබි මාවත් උස්සන් කලිම් හිටිය ගල ලගට නැතුව ඇලට ටිකක් ඇතින් වෙන්න තියෙන ගලන් උඩ වාඩි කරා. මාව වාඩි කරලා එයා ඇදන් හිටිය සරම සුදු බෙබි ගැලෙව්වෙ ලොකු මැනිකේ කියන නිසා සුදු බෙබි සරමක් ඇන්දන් නිතරම එයා යටට ශොට් එකක් ඇදන් ඉන්න නිසා. සමරත් ගලවලා ඇල ලගට ගිහින් සරම වතුරෙන් හොදලා අරන් එක හොදට මිරිකලා ගැසුව සුදු බෙබි බයටයි සිතලටයි වෙව්ලම මන් ලගට ඇවිත් සරම දෙපොට නමලා සරමෙන් මගෙ කොන්ඩෙ පිහදැම්මා. මගෙ කකුල් අත පයත් පිහදැම්ම සුදු බෙබි සරම මගෙ ඇග වටෙ ඔතලා මන් හිහා බලන් හිනා වෙලා මගෙ කඩෙ එයාගෙ අතින් එහෙට මෙහෙට කරා.

දැන් මම බයයි කියලා දන්න නිසාම ආයෙමත් මාව සුදු බෙබි වඩා ගත්තම මම සුදු බෙබිගෙ ඉන වටෙ කකුල් ඔතාගෙන බෙල්ල ලග මුන තියාගෙන ඇස් පියා ගත්තා. මාවත් වඩාගෙනම සුදු බෙබි ආපහු වලව්වට ආවම වලව්ව ලන් වෙන්න වෙන්න මට බය හිතුනේ මැනිකේ සුදු බෙබිව එක්කන් ගියා කියලා මට ගහයි කියලා හිතුන නිසා. අනික සුදු බෙබි දැන් තෙමිලත් ඉන්න නිසා අනිවාරෙන් මට වද කොට්ටක් කැඩෙනකම් ගහයි මම සුදු බෙබිත් නරක් කරනවා කියලා. එ නිසාම බයට මම තව ටිකක් තදට ඇස් පියා ගෙන සුදු බෙබිගෙ බෙල්ල අස්සෙ මුන ගහ ගත්තම මගෙ පිටත් හිමිට අත ගාන ගමන් මාවත් උස්සන් සුදු බෙබි ස්තොපුවට ගොඩ උනා.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now