විසි හත්වන සිහිනය 💭

Start from the beginning
                                    

"ආන් නංගියේ මන් දැක්කා කොල්ලා සොහොන ලග ඉන්නවා."

හැම අවුරුද්දකම වගේ කුඹුරෙ වැඩ කරන ගමේ පිරිමි උන්දැලෑගෙ අත් උදව්වට වගේම කෑම බීම එක්කාසු කරගෙන සහයෝගයෙන් වැඩ කරන ගැමි ගැහැණු තම තමන්ගෙ රාජකාරි අකුරටම ඉටු කරා....

ඉතින් අදත් ඒ වගේම වේවැල් කූඩවල බහාලපු කෑම බීම රැගෙන ගැහැණු උදවිය පෙළට කුඹුරු දිහාවට පියමනින මොහොතක සිහිනගෙ ගෙදර ඉදන් ඇහුණ මල්ලිකාගෙ කටේ සද්දෙට කඩුල්ල ලගම නතර උන ගැමි ගැහැණියක් මල්ලිකාට උත්තර බැන්දෙ කොපමණ කතා කරත් මල්ලිකාගෙ ගිරිය කැඩෙනවා මිසක්කා කොල්ලා නම් ඇහෙණ මානෙක නෑ කියලා දැනගෙන ඉදපු නිසා...

ගැමි ගැහැණිය එහෙම කියලා යන්න යද්දි මල්ලිකා ආයෙම කුස්සියට ගෑටුවේ තරහෙන්....

"අම්මේ...."

මොහොතකට පසු ගෙදර සාලෙ කෑල්ල දිහාවෙන් ඇහුණ සිහිනගෙ කටහඬට මල්ලිකා අත තිබුණ හැන්දත් ඇතිව සාලෙ දිහාවට ආවේ කෑ ගහගෙනමයි...

"මන් උඹට කියලා තියෙනවා නේද මහ පාන්දරටයි හවස් ජාමෙටයි තනිපංගලමෙ සොහොන් කෑල්ල අස්සෙ යන්නෙපා කියලා."

තමන් ඉදිරියේ හිටගෙන ඉන්න සිහිනට හැදිමිට මානවමින් තරවටු කරද්දි ඉහළට එසවුණ දෑස් වලින් මල්ලිකා දිහා බලාගෙන ඉදපු සිහිනගෙ ඒ තොල් පුංචි කාලෙ වගේම නොපිට පෙරළුනා.

සිහිනගෙ කොණ්ඩෙ ඒ ගෙල තෙක් වැඩිලා තිබුණා...ඒ ඇස් වල ඉස්සරටත් වඩා ගැඹුරක් පෙනුනා.. සුදුම සුදු බෝලයක් වගේ උන සිහින එන්න එන්නම ලස්සන කොලු ගැටයෙක් වෙද්දි ගමේ හැමෝගෙම වගේ ආකර්ෂණය සිහිනට ලැබිලා තිබුණා....

"අනේ...අම්මේ...අත්තම්මා මන් එනකන් බලන් ඉන්නවනෙ"

පුංචි කාලෙ ඉදන් ඇගිල්ලෙ එල්ලිලා වලව්වට එක්කරගෙන ආව ගිය, සිහිනව හැමදේකින්ම පරිස්සම් කරපු පුංචි සිහිනගෙ ආත්තම්මා සිහිනව තනි කරලා ගිහිල්ලා දැනට අවුරුද්දක් පමණ ගත වෙලා තිබුණා... ඇයව සිහියට නැගෙන හැම මොහොතකම අවේලාවේ කියලා නොබලා මල්ලික්කාගෙත් ඇස් වලින් වහන් වෙලා සිරියාවතීගේ සොහොන් කොත වෙත යන සිහින මඳ වෙලාවක් හෝ ඇය සමග එහි රැදෙමින් කතා කරන්න පුරුදු වෙලා හිටියා....

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now