"මොකද ඔහොම බලන්නෙ?"
"නෑ මේ...මූණෙ පෙරහැරක් යනවද කියලා බැලුවේ"
"නෑ තොවිලයක් යන්නෙ"
කිසිම හැගීමක් පෙන්නැති මූණකින් මන් එහෙම කියද්දි කට ඇද කරලා මට රවපු සිතූ ආයෙම ඉස්සරහ බලාගෙන ඉක්මන් අඩියෙන් මගෙ ගානටම ආවා....මොකද දන්නෙ නෑ කට වැහුනේ.
යන්තම් හිරට තිබුණ කලිසම ඉණෙන් හදලා ෂර්ට් එකත් ඒ අස්සට ඔබලා හරි ගස්සගන්න ගමන්ම පාර දිගේ ඇවිදන් ආපු මන් නතර උනේ බස් හෝල්ට් එකේ. මන් එනකොටත් විශාකයා හෝල්ට් එකට ඇවිල්ලා...ඌ ඉන්නවා ෆෝන් එකට මූණ ඔබාගෙන....
"උඹ ගොඩක් වෙලාද ඇවිල්ලා...?"
විශාකගෙ පිටට තට්ටුවක් දාලා උගෙ උරහිසට බර වෙලා ජැක් එකක් ගහගත්ත මන් එහෙම අහද්දි අනික් පැත්තට මට ලැබුණෙ රැවුමක් එක්ක හොඳ බැනුම් පාරක්.. හරි වැඩක් උනානෙ මේක...පරක්කු වෙලත් නෑ. තාම හයට පහයි යකෝ...මුගෙ ඔරලෝසුවේ කට්ට පැනලද...මන් දන්නවා ඉතින් ඔය රවන්නේ ජීවිතේට මන් ඌට කලින් බස් හෝල්ට් එකේ ඉදලා නැති නිසා තමයි...මගෙ දිහාත් බලලා මට එහායින් ඇවිත් නතර උන සිතූ දිහා බලපු ඌ මගෙන් ඇස් ඉගි කරලා ඇහුවේ සිතූ මොකද අද අපි එක්ක කියලා.
"අද තාත්තා වැඩ."
මන් උට විතරක් ඇහෙන ගානට එහෙම කියලා දැම්මා..
"ආආ...ඒක තමයි මේ"
කියපු ඌම මට වැහිලා ඉන්න සිතූගෙ පැත්තට ඔලුව දාලා බලද්දි මාත් ඒ පැත්තට හැරුණා...වෙන මොකටවත් නෙමෙයි බස් එකක් එනවද බලන්න....ඔව් බස් එකක් එනවද කියලා...
"ආ සුද්දි...මොකද මූණ ඇද වෙලා."
"මෙයැයි එක්ක දුවලා මට හති අයියේ. බලනෝ පාන්දරම දාඩියත් නාලා"
"උඹ ගම හරහා දිව්වෙ නැහැනෙ. අනික ඔය දාඩිය බිංදු දෙකටද නාලා කිව්වෙ"
"මේකි නාන්නෙත් එහෙම වෙන්නැති බං"
"අනේ අයියේ යනෝ හලෝ"
"අනේ උඹ පලයන්"
"හා හා මේ.. අයියයි නංගියි පස්සෙ මරාගන්නවද?"
අපේ රණ්ඩු බලන්න බැරි තැනම විශාක එහෙම කියලා හෝල්ට් එක දිගේ අඩියක් ඉස්සරහට යද්දි මාත් ඌ එක්කම ඇදිලා ගියා...මෙච්චර වෙලා උට ජැක් ගහගෙනනෙ හිටියෙ.
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...
විසි හය වන සිහිනය 💭
Start from the beginning