විසි වෙනි සිහිනය 💭

Start from the beginning
                                    

එහෙම කියාගෙනම වැඩි කතාවකට කලින් එතනින් මාරු වෙලා දුවල ආව ආක්ෂ ඉක්මන් කරලා වලව්වෙන් එළියට පැනගත්තට පස්සෙ තමයි ඒ කකුල් වල වේගය අඩු උනේ.

ලොකු හාමු එන්න කලියෙන් වලව්වට එන්න හිතාගෙන ඉක්මන් කරලා සිහිනගෙ ගෙවල් දිහාවට ආක්ෂගෙ කකුල් ඇදෙද්දි සිහිනගෙ අම්මා හිටියේ කඩමණ්ඩියට යන්න පාර දිගේ ඇවිදන් එන ගමන්.

"මල්ලිකා, සිහින ගෙදර ඉන්නවද?"

"ඔව් පොඩි බේබි කොල්ලා ගෙදර ඇත්තේ~~

"ආ මන් අද සිහින එක්ක වලව්වට යනවා"

මල්ලිකා තව මොනවත් කියන්නත් කලියෙන් ආක්ෂ ගොඩක් දුර ගිහිල්ලා තිබුණා.

ආක්ෂගෙ මතකය හරිනම් සිහින හම්බෙන්න මේ වෙලාව වෙද්දි ආක්ෂ හැමදාම ආවා. සමහරවිට ආක්ෂ අද තරමක් ප්‍රමාද ඇති. වෙනද මෙන් තමන් එනකන් මිදුලට වෙලා ඉන්න සිහිනව පේන්න නැති වෙද්දි කඩුල්ලෙන් පැනලා සිහිනගෙ ගෙදර දොරකඩට වෙනකන් ආව ආක්ෂ දැක්කේ සාලෙ බිම වාඩි වෙලා පොතක මොනවදෝ අදිමින් ඉන්න සිහිනව.

"අහ්ම්. සිහින වැඩක්ද?"

"අභී අයියේ..."

අදිමින් උන්න චිත්‍රයෙන් හිස ඔසවා බලපු සිහින දැක්කේ දොරකඩට වෙලා බලන් ඉන්න ආක්ෂව. ආක්ෂව දැකපු හැටියේ පැන්සලත් බිමට අතහැරලා ආක්ෂ දිහාවට දුවගෙන ආවා. ආපු වේගෙටම සිහින ආක්ෂගෙ ඇගට පනිද්දි, අතේ තිබුණ බෑගයත් අතින් අත් හැරෙද්දි කොල්ලව අල්ලගන්න ආක්ෂට පුළුවන් උනා.

"සුදු බෝලේ අයියා එනකන් බලන් හිටියද?"

"..."

"සුදු බෝලෙ මොනවද ඇන්දෙ?"

එහෙම අහන ගමන් සිහින වාඩි වෙලා හිටපු තැනට ආව ආක්ෂ සිහිනව බිමින් තියලා පොත අතට අරගත්තා. සිහින ඇදලා තිබුණ චිත්‍රෙ දිහා බලපු ආක්ෂ දැක්කේ පොඩි කොල්ලො දෙන්නෙක් ඉන්න රූපයක්.

"මේ ඉන්නෙ අභී අයියා..මේ ඉන්නෙ සිහින"

සිහින චිත්‍රයට තම චූටි ඇගිල්ල තියලා චිත්‍රෙ ඉන්න දෙන්නව ආක්ෂට පැහැදිලි කරා. ආක්ෂට තේරුම් ගන්න පුළුවන් උන විදියට තරමක් උසට ඉන්න කොල්ලගේ අතේ එල්ලිලා ඉන්න පුංචි කොල්ලෙක්ගෙ ඒ රූපෙ දිහා බලාගෙනම ආක්ෂ හිනා උනේ සිහිනගෙ ජීවිතේ තමන් කොච්චර වැදගත් කෙනෙක් වෙලාද කියලා හිතන ගමන්.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now