දහනව වන සිහිනය 💭

शुरू से प्रारंभ करें:
                                    

"බලාගෙන යන්නෙ හරිද?"

"හරි අම්මේ."

දුවගෙන ආපු සිහින එක්කම දොරකඩට වෙනකන් ආව මල්ලිකා කඩුල්ල ලගට ගිහින් පොඩි බේබිගෙ අතේ එල්ලුන සිහින දිහා බලාගෙන හිටියා.

මෙච්චර දවසක් පොඩි බේබි එක්ක කොල්ලා සතුටින් ඉන්න එකට අකුල් හෙළන්න මල්ලිකාවත් පියතිලක වත් ඉස්සර උනේ නැතත් කොල්ලාගැන හොයලා බලන්නත් මල්ලිකා අමතක කරේ නෑ. පොඩි බේබි යන දවසත් එන්න එන්න ලං වෙලා තියෙද්දි කොල්ලො දෙන්නා එකට ගත කරන කාලයත් එන්න එන්න වැඩි වෙලා තිබුණා. වලව්වේ ලොකු හාමු උනත් මේ ටික දිනට ආක්ෂට වැඩිය නීති දාන්න ගියේ නැත්තෙ කුමාරිහාමි හාමිගෙ කටේ බලේටමයි...

සිහින අරන් ආපු ඇදුම් කඩදහි දෙක තමන්ගෙ ඇදුම් දමාගෙන ආපු මල්ලටම ඔබාගත්ත ආක්ෂ සිහිනගෙ අතින් අල්ලගත්තම සිහිනත් ඒ මූණෙ පිරුණු හිනාවකින් ආක්ෂ දිහා බැලුවා.

"යමු"

මිනිස්සු එහෙ මෙහෙ යන පාර දිගේ ටික දුරක් ඇවිදන් ආපු ආක්ෂ සිහින දිහා බැලුවේ අද සිහිනගෙ කිසිම සද්දයක්වත් නැත්තෙ මොකද කියලා.

"සිහින කාලද උදේට?"

"ඕ..අභී අයියා කෑවද?"

"අයියා කාලා ඉන්නෙ"

ගමේ කඩමණ්ඩිය ලගටම සිහිනගෙ අතින් අල්ලගෙන පාර දිගේ ඇවිදන් ආපු ආක්ෂ සිහිනගෙ අතට මල්ල දීලා කඩේ ඇතුළට ගියේ සාක්කුවේ තිබුණ මාරු කාසි දෙකත් අතට ගන්න ගමන්.

"මාමේ විස්කෝතු දෙකක්"

ඥානකතා පුරවලා තිබුණ වීදුරු බෝතලේට ඇගිල්ල දිගු කරලා පෙන්වපු ආක්ෂ දිහා බලපු මුදලාලිගෙ මුහුණෙ හිනාවක් ඇදුනේ මේ දින කීපයටම ආක්ෂ නිසා ඥානකතා බෝතලේම ඉවර උන හැටි මතක් වෙලා.

"ආ මේ අපෙ පොඩි බේබිනේ"

මුදලාලි එහෙම ඇහුවත් කිසිම ප්‍රතිචාරයක් නොදුන්න පොඩි බේබි දිහා බලලා ඥානකතා පුරවපු වීදුරු බෝතලේ පෙන්නලා මුදලාලි ආයෙමත් ඇහුවේ ඒවයින්ද ඕන කියලා.

"මොනවද, අදත් මේවයින් නේද?"

"ඕ ඒවයින් දෙන්න"

සංසාර සිහින | TK | Nonfiction | Ongoing जहाँ कहानियाँ रहती हैं। अभी खोजें