" මට ආදරේ නැත්තත් දරුවන්ට හරි ආදරේ ඇති කියලා හිතුවා..ඒත් නෑ බං..උඹ මට ආදරෙත් නැ..දරුවන්ට ආදරෙත් නෑ..උඹට ආදරෙත් නැ..මට දුක ඒකයි බං.."

" මං උඹට ආදරෙයි කියලා දැන දැන..යුගාන් ඔයා නැතිව හුස්මක් ගන්නවත් දන්නේ නෑ කියලා දැන දැන..යුග්මට ඔයා නැතිව ඇදුමක්වත් තෝරගන්න බෑ කියලා උඹ දන්නවා..අපේ දෝණිට අම්මා ඕනිමයි මේ කාලෙට කියලා දැන දැනම කොහොමද බං හිත හදාගත්තේ යන්න..උඹට හිතන්නවත් පුළුවන් උනාද බං.."

ඩොක්ටර්ස්ලා එනකල් නෙහාරව එයාගේ උකුලෙම තියාගෙන ප්‍රතාප් හිමීට ඒ ඔලුව අතගෑවා.ප්‍රතාප්ගේ ඇස් අඟින් පුංචි කඳුළු බින්දුවක් ගලාගෙන ගියා.ප්‍රතාප්ගේ ජීවිතේම උනේ නෙහාර.නෙහාර තමා එයාගේ පවුල..එයාගේ ලේ වලට පණ් පෙව්ව මේ පිරිමි රූපේ තමා ප්‍රතාප්ගේ හැමදේම උනේ.දරුවෝ තුන් දෙනාට ආදරේ නෑ හිත්න්න එපා..ඒ එයාගේ ලෝකේ..එයාට කියලා පවුලක් දුන්නේ නෙහාර වෙද්දි..නෙහාර නැතිනම් කවදාවත් එයාගේ ලේ වලට ජීවයක් ලැබෙන්නේ නැතිවෙද්දි, එයාගේ පව්ල නෙහාර නෙවෙයිද..?එතනින් එහා එයාගේ ලෝකෙම හැදුවේ නෙහාර නෙවෙයිද..?ඔහේ පාවුණ එයාගේ ජීවිතේ එකට එකතු කරලා පිළිවෙලක් කරේ නෙහාර නෙවෙයිද..? ප්‍රතාප්ට ජීවතේ අර්ථවත් කරගන්න හේතු දුන්න මනුස්සයා එයාව දාලා යන්න උත්සහා කරා කියලා දැනෙද්දි හිතට එන්නේ දුකක්ද..? කලකිරීමක්ද..? කේන්තියක්ද කියලා ප්‍රතාප්ට හරියට තේරුම් කර ගන්න බෑ..නෑ...ප්‍රතාප්ට තේරුණේ නෑ ඒ දැනෙන්නේ ඒ හැමදේම එකට කැලතිලා එකතු වෙලා දැනෙන එයාට එයාවත් දරාගන්න බැරි හැඟීමක් කියලා.

ප්‍රතාප් එයාට දැනෙන හැමදේම තේරුම් ගන්න උත්සහා කලා..ඒ රළු අත් හරි පරිස්සමට නෙහාරගේ ඔලුව අතගානවා.ඒ ඇස් කඳුළු පුරවගෙන නෙහාරගේ පියවුණු අස් දිහා බලන් ඉන්නවා.

" මට සමාවියන් බං..උඹට දරාගන්න බැරි වෙන තරමටම උඹව රිද්දුවාට..වෙනදාට රිඳුණු ගමන් දුවගෙන ඇවිත් මට තුරුළු වෙන්න තිබුණු අවසරේ අයින් කරාට..මට තිබුණා උඹ තාම පුංචි කියලා හිතන්න..මට තිබුණා උඹ එක්ක කේන්ති නොගෙන ඉන්න..උඹ මේ තරමට බොළඳයි කියලා තේරුම් ගන්න..මට සමාවියන් මැණික..උඹව අසරණ කරාට...දරුවන්ව දාලා එක මොහොතකට ඈතකට යන්න හිතන්නවත් බැරි උඹව මං මැරෙන්න හිතෙන තරමටම අනාථ කරාට.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now