දහසයවන සිහිනය 💭

Start from the beginning
                                    

ඒත් අපිමයි දේවල් සංකීර්ණ කරගන්නෙ. හැමදේම දිහා සරලව බැලුවම මේ ජීවිතේ හරි ලේසියි.

හදිසියෙවත් මගේ හිතේ සිහින ගැන ආදරයක් ඇති උනොත් අනිවාර්යයෙන් දවසක මට පවුලෙ අයගෙනුයි සිහිනගෙනුයි එක්කෙනෙක් තෝරගන්න වෙයි.

මට යන්තම් ඇහුණා ස්කෝලේ පීරියඩ් එකක් මාරු වෙන බෙල් එක වැදුණා. ඊළගට තියෙන්නෙ දැන් මගේ ආසම පීරියඩ් එක.

පුස්තකාල පීරියඩ් එක. 📚

.

.

.

.

.

.

"අඩේ පොඩ්ඩක් හිටපන්කො."

මගෙ උරහිසට තට්ටුවක් දාලා අත් දෙකත් බැදන් බලන් හිටපු විශාකට මන් එහෙම කිව්වේ ඌ දැන් පුස්තකාල පීරියඩ් එක පුරාම මන් එක්ක පොත් රාක්කයක් ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්න නිසා. වෙලාවට උටත් පොතක් හොයලා දීලා කියවපන් කිව්වේ.

"මොකක්ද බං මේකේ තේරුම"

"උඹට බැරිනම් පලයන්"

"උඹ මටනෙ ඔය කියන්නෙ"

"හරි හරී බං. උඹට මන් වෙනුවෙන් විනාඩියක් ඉන්න බැරිද?"

"උඹගෙත් ලොකු කමනේ ආක්ෂ."

මන් මේ බලන් ඉන්නෙ පුස්තකාලෙට වෙලා යස අපූරුවට පොතක් කියව කියව ඉන්න සිහින දිහා. ඔව් එදා රෑ සිද්ධියෙන් පස්සෙ මේ ටිකටම සිහින මන් එක්ක කතා කරේ නැති නිසා මන් සිහින පස්සෙම හිටියා. සිහිනටත් නොදැනෙන්න. සිහින හම්බුණාට පස්සෙ හීන පේන එකත් නැවතිලා ගියා කියලා මට මතක් උනේ ඊයේ රෑ අහසෙ තරු ගණන් කර කර කල්පනා කරපු වෙලාවේ. හරි පුදුමයි ඉතින්. තරු ගැනපු එකද. නෑ නෑ. හීන පේන්නැති එක!. ඊයෙ රෑ විශාකත් එක්ක කතා කරපු දේවල් එක්ක තමයි මටම සැකයක් ආවේ මන් සිහිනට කැමැත්තක් තියෙදෝ කියලා. මෙච්චර දවස් උන දේවල් එක්ක ආදරේ කරද්දි මනුස්සයෙක්ගෙ වෙන වෙනස්වීම් ගොඩක් මේ ටික කාලෙට මන් ඇතුළෙත් සිද්ධ වෙලා තිබුණා.

ඒක.. හරියට... සහෝදර ප්‍රේමයක් වෙන්න බැරිද?

ඒත් මන් ඒ හැගීමට ගොඩක් ආස කරා. කාටහරි කැමැත්තක් හිතුණම මේ වගේද? ඇස් මානෙක නැති හැමවෙලේම ඒ රූපෙම හොයන එක. ලග ඉද්දි හදවත සිය ගුණයක වේගෙන් ගැහෙන එක, ලග නැති උනාම පාලුවක් දැනෙන එක.. මෙහෙමද ආදරේ හිතුණම.?? එතකොට ඒක සහෝදර පෙමක් වෙන්නෙ කොහොමද නේද!?

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now