දාහතරවන සිහිනය 💭

Start from the beginning
                                    

"ම්...මොකක්ද කලින් ඇහුවේ..??"

"කොල්ලෙක්ද කියලා..!!"

"ඔන්න අයියේ මන් නම් කැමති මට නෑනෙක් ගේනවට වඩා මස්සිනෙක් ගේනවට."

"උඹ අර විකාර කතා බලලා මොලේ කුරවල් වෙලා"

"ඇත්තට කිව්වෙ හලෝ."

"පලයන් යන්න. ගුටි නොකා."

"දැන් ඉතින් මට නාන්නත් වෙනෝනෙ.."

"හොඳට නාගන්නෝ...කොහොමත් මාසෙකට සැරයයිනේ නාන්නෙ!"

"අනේ ඉන්නවා...මන් හැමදාම නානෝ!"

ඇදුමත් අතින් ගසන ගමන් එහෙම කියාගෙන සිතූ ගෙට දිව්වා. මන් කෝප්පෙට එබිලා බැලුවේ තව තේ තියෙනවද කියලා. අන්තිම අඩියේ තිබුණ උගුරත් බීලා මඩිය චුට්ට විසික් කරපු මන් කෝප්පෙත් අරන් ගෙට එද්දි අම්මා කෑ ගැහුවේ මගෙ ෆෝන් එක රින් වෙනවා කියලා.

කාමරේට දුවලා ආපු මන් කලබලේට ෆෝන් එක ආන්ස්වර් කරාට පස්සෙයි දැක්කේ වීඩියෝ කෝල් එකක් කියලා. මායි විශාකයි තේව් මල්ලි එක්ක ගෲප් චැට් එකක් හදාගත්තෙ දැන් ටික දවසකට උඩදි. අපි හතරදෙනා දැන් හොඳ යාලුවො. හතරදෙනාම සූරයෝ වගේ තමයි. ඒත් තේව් තරම් සිහින මන් එක්ක එච්චර එකතු නෑ. සිහින කාටහරි ෆිට් වෙනකන් වැඩිය කතා බහ කරන කෙනෙකුත් නෙමෙයි කියලා මට මේ ටික දවසට තේරුණා. සිහිනවත් ගෲප් එකට එකතු කරගන්න ඕන උනත් ඒ ගැන අහන්න පුළුවන් කමකුත් තිබ්බෙ නැති නිසා මන් ඒ ගැන අහන්න ගියෙත් නෑ.

"ආක්ෂ අයියේ දැන්ද නැගිට්ටෙ?"

"අඩෝ ආක්ෂ මන් අද උඹලහා එන්නම්. කොහෙවත් යන්නෙ නැහැනේ?"

කෝල් එක ආන්ස්වර් කරපු ගමන් එක දිගට ඇහුණෙ ප්‍රශ්න.

"දැන් ටිකක් වෙලා. උඹට ඕන්නම් වරෙන් බං. මන් කොහොමත් අද ගෙදර"

"ඒක නෙමෙයි කොච්චි කරල, කෝ සිහින මල්ලි නැද්ද?"

එහෙම ඇහුවේ විශාක. ඌ දන්නවා හරිම තැනට පහරදෙන හැටි. අනිවාර්යයෙන් ඕකා සිහින ගැන ඇහුවේ මන් උනත් සිහිනව දකින්න බලන් ඉන්නවා කියලා දන්න නිසා.

"මේ ඉන්නෙ"

සද්ද කරන්නෙපා කියලා අතින් පෙන්නලා බැක් කැම් එක හරවපු තේව් මල්ලි අපිට පෙන්නුවේ ටිකක් එහායින් පොත් මේසේ වාඩි වෙලා ඉන්න සිහිනව. සිහින වීඩියෝ කෝල් වලට ලැජ්ජයිලු. අනේ ඉතින් කොල්ලා පාඩම් වැඩ. සිහින ඉගෙන ගන්න ගොඩක් උනන්දුයි වගේ. පොත් එක්ක හරි හරියට බිසී වෙලා ඉන්න අපිට පිටුපාලා පේන ඒ රූපේ දිහා බලල මන් හිතුවේ එහෙම.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now