දහවන සිහිනය 💭

Bắt đầu từ đầu
                                    

පුංචි සිහින ගේ අතින් අල්ලගත්ත ආක්ෂ ගම පැත්තට ඇවිදින්න ගත්තේ සිහින එක්ක ගමේ මැද හරියට වෙන්න ගලන පුංචි දොළපාර ගාවට යන්න. වැඩිය සෙනගක් නොගැවසෙන ලදු කැලෑවෙන් වට වෙච්ච ඒ හරිය හරිම නිස්කලංක බවකින් පිරිලා තිබුණ පැත්තක්... ආක්ෂගේ අතින් අල්ලගෙන ඇවිදන් එන සිහිනගේ නිදහස් අතේ මග දිගට අහුඋන මල් ගස් වලින් ආක්ෂ එකතු කරලා දීපු කැලෑ මල් පොකුරකුත් ඒ පුංචි ඇගිලි අතර රැදිලා තිබුණා.

දොළ පාරෙ ගම්මු නාන හරියට උඩහින් තියෙන කවුරුවත් වැඩිය ගැවසෙන්නෙ නැති තැනකට තමයි ආක්ෂ සිහිනව එක්ක ආවේ. වෙනදට යන ඇහැළ සෙවණ නැතුව අද දොළ පාර තෝරගත්ත ආක්ෂ වැඩිය උසත් නැති ගලක් බලලා සිහිනව උස්සලා ගල උඩින් ඉන්දවලා තමනුත් ගල උඩින් වාඩි උනා. මල් පොකුරත් අත නොහැරම ආක්ෂ ඉන්දපු විදියටම වාඩි වෙලා උන්න සිහින ආක්ෂ කතා කරනකන් බලන් හිටියා.. ඒත් අද ආක්ෂ තරමක් නිහඩයි...

එක තැනක ඉන්න බැරි පොඩි කොල්ලා ආක්ෂගේ කතාවක් නැති තැන ගල උඩ ඉදන් දගලන්න ගද්දි ආක්ෂට තවදුරටත් නිහඩව ඉන්න බැරි උනා. සිහිනව ඔඩොක්කුවට ගත්ත ආක්ෂ පිටුපසින් සිහිනව බදාගෙන ඉද්දිම ඒ සිනිදු කෙස් එහෙ මෙහෙ කරලා පුරුද්දට මෙන් හිස් මුදුන ඉම්බා...

"සිහින කොලෝන් දැම්මද...සුවදයි"

"දැන් අයිය ගාව සූදයි නේද මන්"

"ඔව්ව්"

සිහින ඒ අත් අතරින් ලිස්සලා දොළට අඩිය තියද්දි බිමට බැහැපු ආක්ෂ ගිහින් තුරු සෙවණෙන් වැලි පොළවෙ වාඩි වෙද්දි දොළ පාර අයිනේ හිටපු සිහින අතේ තිබ්බ මල් පොකුර එහෙමම අතෑරියේ වතුර පාරට. වේගවත් නැති දියපාර දිගේ හෙමින් සීරුවෙ ඉදිරියට ඇදෙන මල් පොකුර දිහා බලන් ඉදලා ආක්ෂ දිහා බලපු සිහින අත දික් කරලා මල් ටික වතුරේ පාවෙලා යන හැටි ආක්ෂට පෙන්නුවා.

"අයියේ...මේ"

වෙන ලෝකෙක හිටපු ආක්ෂගෙන් සිහින පෙන්නන දේට අවධානය නොලැබෙද්දි අතරමග වැටුණ මල් දෙක තුනක් අහුල ගත්ත සිහින ආක්ෂ ලගට දුවලා ආවේ ආක්ෂ අවුලෙන් ඉන්නෙ තමන් කඩලා දීපු මල් ටික විසි කරපු නිසා කියලා හිතලා.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ