"ප්‍රින්සස්..දත් ඇන්ද බඩට යවන්න කලින් පලයං කාමරේට..."

ඒ යුගාන් එයාට ඇත්තටම දුක හිතුනා එයාගේ අම්මස්ගේ තත්වේ දැක්කම.අවුරුදු දාහතක් පුරාවට මොන දේ උනත් එයාගේ අම්මා ඉවසුවා..ළමයින්ගේ කරදර,අප්පච්චිගේ කේන්තිය.එයාගේ අම්මා අඩුම තරමේ එයාගේ ළමයි තුන් දෙනාටවත් කටහඩ උස් කරලා නෑ..අප්පච්චි කේන්ති අරන් එයාලාට බනිද්දිත් ඒ අතින් එක ගුටියක් කන්න නොදි එයාලාව බේර ගන්නේ අම්මා..ඉතින් එහෙම කරපු..එහෙම හිටපු අම්මා අවුරුදු දාහතකට පස්සේ එක දවසක් එයාගේ පීඩනේ ඒ විදිහට පිට කලාම මොන හයියකටද එයාගේ අම්මාට එහෙම කිව්වේ..

යුහාෂි දිහා වගේම ප්‍රතාප් දිහාත් කෝපාන්විත බැල්මක් හෙලූ යුග්ම එයාගේ කාමරේට ගියේ යුගාන්ටත් යන්න කියා සන් කරමිනි.

"නේශූ...මට බඩගිනි..."

ප්‍රතාප් වෙත තවත් වරක් බලා රැව්ව නෙහාර උඩ තට්ටුවෙහි වූ ඔවුන්ගේ කාමරයට ගියේ ආපහු එක්වතාවක්වත් ප්‍රතාප් දෙස නොබලා.

ප්‍රතාප් කාමරේට එනකොට නෙහාර අනෙක් පැත්‍ත හැරිලා නිදි.එයා සද්දේ නැතුවම ඇදුම් ගලවලා නානකාමරේට ගියේ නාන්න.

නින්දේ වගේ උන්නු නෙහාරට සීතල දෙතොලක පහසක් එයාගේ නළලට දැනුනා..ඒ ප්‍රතාප් නෙවෙයි...ඒ සුවද අයිති යුග්මට.මද වේලාවක් නෙහාර දෙස බලන් උන් යුග්ම හෙමීට නෙහාරගේ ඔලුව අතගෑවා..ආයෙම වතාවක් ඒ නළල මත හාදුවක් තැබූ යුග්ම එතනින් යන්න ගියත් ප්‍රතාප් නානකාමරෙන් එළියට ආවෙත් එවෙලෙම.

"මොනා හරි ඕනිද..?අම්මිව දැන් ඇහැරවන්න එපා..ඔයාට හදිස්සි නෑනේ..?"

"නෑ..එයාව බලන්න ආවේ.."

"හ්ම්..මං එයාව බලා ගන්නම්.."

"ඇයි එයා කේන්තියෙන්..."

"එයා ගැන දුක් වෙන්න එපා..ඒ පීඩනේ එයා පිටකරන්න ඕනි වෙලා තිබුණු එකක්..දැන් ඒක හරි..අද එයාට සනීපෙට නින්දේ යයි..එයාට එකදවසක් හරි එහෙම නින්දක් ඕනි..අපි කවුරු ගැනවත් නොහිතන සැනසිලිදායක නින්දක්..."

ප්‍රතාප් කිව්වේ ඇදේ වකුටු වී නින්දේ උන් නෙහාර දෙස බලමිනි.

"Good night.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now