"මචං ඒත්..."

" සනෝජ්..."

"හරි...අපි මෙතනට වෙලා ඉන්නම්..."

යුග්ම මදක් තද හඬින් කියද්දි මිනෝෂ් කලේ සනෝජ්ව  තමා වෙත ඇඳගෙන යුග්මට ඉඩදීමය.

ආරක්ෂකයින් දෙදෙනාට මැදිව යුග්ම ඉදිරියට යන දෙස සනෝජ් හා මිනෝෂ් බලා උන්නේ බියෙනි.

"මචං නේශු අංකල්ට කතා කරමුද..?"

"ඒ මනුස්සයාව කලින්ම දිව්‍යලෝකේ චුත කරන්නද තොට ඕනි සනෝජ්...."

සනෝජ් අතට ගත් ෆෝන් එක ඇදලා ගත් මිනෝෂ් කෑ ගැසුවේ කෝපයෙනි.

යුග්ම ඩිෆෙන්ඩරය වෙත ගිය සැනින් එහි පිටුපස දොර විවර වූ අතර ඇතුලේ කළු හැදගත් මිනිසුන් පස් දෙනෙකුට මැදිව සුදු ශර්ට් එකක් හා සුදු පැහැ ට්‍රව්සර් එකක් ඇදගත් කඩවසම් තරුණයෙක් වාඩි වී උන්නේය.

"සර් මූ තමා පොර..."

" I told you...don't touch me..." තම උරහිසෙන් අල්ලා තමාව ඇතුලට තල්ලු කරන්න ගිය පුද්ගලයා වෙත කෝපයෙන් බැල්මක් හෙලූ යුග්ම කීවේ උරහිස ගසමිනි.

"අසේල..." එම කඩවසම් තරුණයා ඒ දෙසවත් නොබලා සීතල හඬින් කියද්දි යුග්මගේ අසළින්ම සිටගෙන උන් ආරක්ෂකයින් දෙදෙනා මදක් ඈතට විය.

"ලැජ්ජා නැද්ද ඇමතිතුමා..පොඩි කොල්ලෙක් මෙහෙම තනියම ගෙන්නගෙන පිස්තෝල ගත්ත සේනාවක් පිරිවරාගෙන ඔහොම ඉන්න..ඒ තරම් මට බයද..?"

"බය...?" අයුක නම් තරුණ අධ්‍යාපන ඇමති එසේ ඇසුවේ විසල් වූ කෝපය දෝරේ ගලන දෑසින් යුග්ම දෙස බලමින් වුවත් කට කොනින් නැඟුණු සමච්චල් සිනහව සමඟ යුග්ම ඒ මූණ දෙස එක්වරක් හෝ නොබලා අහක බලා ගත්තේය.

"තමුසේ...මට..කි..."

"ඇමතිතුමා ඔයාගේ මේ කළු හමුදාවට කියන්න වාහනෙන් පොඩ්ඩක් එළියට බැහැලා ඉන්න කියලා..මාව තනියෙන් ගෙන්න ගත්තේ අපි දෙන්නාගේ කතා අපි දෙන්නාට විතරක් නිසානේ..."

"එහෙම ඕනි නෑ..මොකෝ ඊයේ චණ්ඩිකම් අද නැද්ද..?මගේ bodyguardsලාට අද බය..?"

කිසිවක් නොකියා නැවත වතාවක් ඔහුගේ සුපුරුදු අහංකාර කට කොනේ සිනහව පෑ යුග්ම ඊළඟ තප්පරයේ ඩිෆෙන්ඩරය තුළට ගොඩ වී අයුක අසළින්ම වාඩි වූවේ එතැන වූ bodyguardගේ කකුලට පහරක් ගසා එහාට කරමිනි.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now