අවසාන කොටස 🖤

875 98 35
                                    

මොකද යකු ඔක්කොම මේ කන්න වගේ මං දිහා බලන් ඉන්නේ . වතුර තිබහායි දිව ගිලෙන්න . වතුර නැද්ද කියලා ඔලුව හරවලා බැලුවා  සෙට් එක දිහා . දැන්නේ යකු දැක්කේ මං ඉන්නේ හොස්පිටල් එකක. මෙච්චර බට ගොඩක් ගහලා ඇයි යකු මට . මුන් හිතන්නේ මං වෝටර් බෝඩ් එකේ නල ලිදක් කියලා ද 😒. ඔක්සිජන් මාස්ක් එකකුත් දාලා කටට. මොන මඟුලක් ද ඉන්න බෑ ඔලුවත් රිදෙනවා . මේ මගුලක් දාලා වචනයක් කතා කරගන්නත් බෑ . ගලවලා ඇදලා දැම්මා මගුල 😒

" චූටි පුතා දඟලන්න එපා දෙයියෝ "

අප්පාචිචිට පිස්සු හැදිලා ද. මට දඟලන්න එපා කියන්නේ . එක තැන මට විනාඩි පහක් ඉන්න බෑ කියලා මේ මිනිස්සු දන් නැද්ද අප්පා

" මිස්ටර් විජේසිංහ නුරාශ් ට හොදටම හොදයි ද කියලා තාම ශුවර්‍ර් කරන්න බෑ .එයාගේ ඔලුවනේ ඩැමෙජ් උනේ ඒ නිසා මෙමරි ලොස්ට් එකක් උනත් එන්න පුලුවන් .  ඒ නිසා අපි ඉස්සෙල්ලා චෙක් කරලා බලමු.."

මොකාද යකු මේ නකුට්ටා. ආ ඩොකෙක් නේද .. මොනවා උනත් හැන්ඩ්සම් කොල්ලා. මූ කියන විදිහට මගේ ඔලුව කචල් ද දන් නෑ

" සර් අපිට ඔයාගේ නම කියන්න බලන්න "

" ම්ම්... මගේ නම දොන් ජුවන් බන්ඩාරලාගේ අන්දරේ 😒 "

ඇයි යකු දැන් ටිකකට කලින් මූ මගේ නම කිව්වාත් එක්ක . දැන් මගුලක් ද නම අහන්නේ. මට නෙමෙයි මුට මෙමරි ලොස්ට් ද කොහෙද . දැන් ඒ පාර ඉන්නවා ඇස් ටික් බෝල කරන් මං දීහා බලගෙන 😒

" ඩොක්ටර් මෙයාට කිසිදෙයක් අමතක වෙලා නෑ ... ඔය ඉන්නේ ඉස්සර වගේම "

අප්පච්චී එහෙම කියලා හිනා වෙන ගමන් අඩනවා මෙන්න . ඔන්න එතකොට තමයි මගේ මතකේට එන්ටර් උනේ හෝතම්බු පැටියා කෝ කියලා . ඌ අර කෙල්ල එක්ක පැනලා ගිහින්ද. දුක හිතෙනවා මට දැන් ආය. ඌ අර පාර මැද කෙල්ලෙක් බදන් හිටිය හැටි මැවි මැවී පේනවා මට . ආය ඇස්වල ට කදුලූ ආවේ මට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් එයා පේන්න නැති නිසා

" චූටි පුතා. ඇ..ඇයි දරුවෝ ඔයා අඩන්නේ.. අමාරුයි ද "

" අප්පච්චී .. සුදු අයියා "

" මේ ඉන්නේ දරුවෝ සුදු අයියා. අඩන්න එපා "

හෑ යකු මට පිස්සු ද අප්පච්චීට පිස්සු ද. හෝතම්බු පැටියා කෝ කියලා ඇහුවාම නෝටියාව ඇදලා අරන් මට දක්වන්නේ.. මගේ ඔලුව වැදුන පාර තේෂ්ව යෙෂ් වෙලා පේනවා ද. එක පාර දොර ඇරන් ඇතුලට ආවේ තවත් නෝටියෙක්. දැන් නෝටිලා දෙන්නායි. මං බීලා ද යකු . කවුද අඩොව් හොස්පිටල් එකේ සෙලයින් බෝතලේට මත් පෙති දාපූ පරයා. මං ඇසුත් පිහදාලා බැලුවේ දෙක එකක් වෙයි කියලා .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Tempat cerita menjadi hidup. Temukan sekarang