හත්වෙනි කොටස 🖤

504 70 1
                                    

ඒ ඇවිත් හිටියේ වෙන කවුද හෝතම්බු පැටියාම තමයි . හැබැයි මූ ඇවිත් හිටියේ බේසමකුත් උස්සන්. මොනවාද දන් නෑ බේසමේ තියෙන්නේ කන්න දෙයක් ද දන් නෑ .. මූ ඇවිත් බේසම පැත්තකට තියලා මං ලගින්ම ඇදෙන් ඉදගත්තා. ඒ වතුර බේසමක් යකු නිකම් නෙමෙයි උනු වතුර

"කෝ අනිත් පැත්තට හැරෙනවා කොන්ද ටිකක් තවන්න . නැත්තන් තවත් අමාරු වෙයි "

මං මේ දකින්නේ හීනයක් ද. මූ මගේ කොන්ද තවන්නද හදන්නේ . මං කට වහන් අනිත් පැත්ත පෙරලුනේ ආය මොනවා හරි කිව්වොත් මූ මේ උනු වතුර එක මගේ ඔලුවේ හලයි කියලා සැක හිතුන නිසා .

"අ..හ් රිදෙනවා ඕක හිමින් කරනවාකෝ "

කොහොම හරි මගේ කොන්දත් තවලා මූ බේසම උස්සන් යන්න ගියා. ඒ පාර ආය ආවේ බෙහෙත් වගයක් උස්සන්.

"කෝ එනවා ඔය තුවාල ටික බලන්න "

මූ කියන්නේ මාව කන්න වගේ රවන්. මාත් බබා වගේ හිටියේ තුවාල රිදෙන නිසා .

" කෝ ඔය අත දෙනවා ඇස්වලින් මාව කාලා ඉවර නම් "

සැක් ලැජ්ජාව ආය මං මූව ඇස්වලින් අනිභව කරලානේ. මූ මගේ තුවාලවලට පිඹ පිඹ බෙහෙත් දානවා. මාත් බලන් හිටියා රිදෙන්නෙත් නෑ යකු මේකා බෙහෙත් දාන විදිහට . ඇයි දෙවියනේ තුවාලේ තියෙන්නේ උගේ ඇගේ වගේ කට ඇදකර කර හෙමින් පරිස්සමට බෙහෙත් දාන්නේ.

" ආ දැන් හරි .. තුවාල තේමාගන්නේ එහෙම නෑ වොෂ් දාද්දි එහෙම තියෙන විසේට "

" හාකෝ ඩොක්ටර්  "

"හාකෝ නෙමෙයි පරිස්සන් වෙනවා මගුල. හැමවෙලෙම තමුසේ දිහා බලන් ඉන්න මං නෑනේ 😒"

ඉතිම් යකු මං මූට කිව්වාද බලන් ඉන්න කියලා . පිස්සු හැදෙයි සද කැරකෙයි. හැබැයි ඉතිම් බලන් හිටියාත් මං මොකුත් කියන් නෑ . මටත් නිකම් අමුතු මෙව්වා එකක් දැනෙනවා මු ලගදි. සහෝදර ප්‍රේමේ වෙන්න ඇති සමහර විට.

" මේ අහනවා ඉක්මනින් හොද වෙනවා. මගේ වැඩ ටික කරගන්නත් තියෙනවා තමුසේට කියලා  😏"

එහෙම කියලා චා හිනාවක් දාන් මූ ගියා යන්න . මොනවාද දන් නෑ මට කියලා මූට කරගන්න තියෙන වැඩ. මූ ගෙයක්වත් හදන්න හදනවාද මට කියලා . ගල් වැලි අදින්නද දන් නෑ මට කියන්නේ . මට නම් බෑ ඔය වැලි බාල්දි එහෙම උස්සන්න .

😒😎😎😒😎😒😎😒😎😒😎😒😎😎😒😎

කොහෙද යකු මේ මං ඉන්නේ . ආ ආච්චිලා ගෙදර මගේ රූම් එකේනේ යකු . අරු බෙහෙත් දාලා ගියාට පස්සේ මට නින්ද ගිහින්. ගේ ඇතුලේ ආච්චි එහෙම කතා කරනවා ඇහෙනවා. ඒ කියන්නේ කට්ටිය ආය ඇවිත්. මගේ ඇගම රිදෙනවා නිකම් උන ගැනෙන්න වගේ. ඔක්කොටම වඩා කොන්ද. මං පෝන් එක අරන් වේලාව බැලුවා . තාම රෑ නවයයි ගානක්. ඊලගට මං ගියේ වට්සැප් පැත්තට මගේ බූරූ යාලුවෝ දෙන්නා මැසෙජ් කරලා . උන් අපිත් එක්ක ලංකාවට ආවේ නෑ හදිස්සි වැඩක් වැටුන නිසා . අද ලංකාවට ඇවිත්ලු.
දැන් කොලඹ ඉන්නේ කියලා මැසේජ් කරලා. උන්ට රිප්ලයි කරලා මං ගියේ බුකියට . බුකියට පා තැබුවා විතරයි දැකපූ දෙයින් මගේ ඇගේ තිබ්බ හැම අමාරුවක්ම නැති උනා . දෙවියනේ මං දැක්කේ...

😎😒😎😒😎😒😎😒😎😒😎😎😒😎😒😎

මතු සම්බන්ධයි ❤️❤️

ආදරෙයි ❤️❤️❤️
.

ආදරෙයි ❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now