අවසානයට පෙර.. 🖤

541 69 4
                                    

තේෂ් pov ( මේ කොටස තේෂ් විදිහට හොදේ 👉👈)

හදිසියේ ආව සද්දෙට මං පිටිපස්ස හැරිලා බැලුවා . පාරේ එක තැනකට මිනිස්සු වට වෙනවා මං දැක්කා

"  ටිපර් කාරයෙක් හප්පන් ගිහින් පොඩි කොල්ලෙක් මැරෙයි වගේ "

එතන හිටිය කෙනෙක්ගෙන් වෙලා තියෙන්නේ මොකද්ද ඇහුවාම කිව්වේ එහෙම . හිත පුරා මොකද්ද මූසල හැඟිමක් දැනෙද්දි මං හැදුවේ එතනින් යන්න . ඒත් යටිහිත කෑ ගහලාම කිව්වේ එතෙන්ට ගිහින් බලපන් කියලා .. මොකද්ද මන්දා හේතුවකට මගේ පය ඉස්සුනේ අනතුර වෙලා තිබ්බ තැනට. වටවෙලා හිටිය මිනිස්සු අස්සෙන් රිංගලා මං ඉස්සරහට ගියේ හිතේ තිබ්බ මූසල හැඟිම  යටපත් කරන්.

" දෙ..වියනේ..."

මේක වෙන්න බෑ . මට පේන හැටි වෙන්න ඕනි .. ඒත් කවදාවත් මට මෙහෙම දෙයක් මැවිලාවත් පේන්න ඕනි නෑ . ඔලුව කැරකෙනවා වගේ දැනෙද්දි මං එතන්ට ලන් උනේ මට පේන දේ ඇත්තක් ද දැනගන්න . මගේ හදවත වේගෙන් ගැහෙනවා. දෙවියනේ ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ පුංචි හා පැටියා. ඒ එයා මගේ හුස්ම නැවතුනා මගේ කොල්ලාව මෙහෙම දකිද්දි .. දැක්ක දේ අදහාගන්න බැරුව මං බලන් හිටියේ ලේ විලක් මැද වැටිලා හිටිය මගේ රෝස මල දිහා.

" බනී මගේ මැනික.. රත්තරන් "

මං මගේ කොල්ලාව අත්වලට අරන් පපුවට තුරුල් කරන් හයියෙන් කෑ ගැහුවාත් වෙනදා වගේ ඒ දඟකරයා මාත් එක්ක රන්ඩු වෙන්නවත් කට ඇරියේ නැති වෙද්දී මගේ පපුව පිච්චිලා ගියා. වෙනදා විනාඩියක්වත් නිවනක් නැතුව කියවන මගේ හාවා මෙහෙම ඉන්නවා දකිද්දි හිතට  කියාගන්න බැරි අමුතු හැඟිම් ගොන්නක් ඇති උනා.

" මහත්තයෝ පරක්කු නොකර හොස්පිටල් අරන් යන්.   තාම සිහිය තියෙනවා "

කවුද මනුස්සයෙක් කියද්දි මට ආය හරි සිහිය ආවා. ඉක්මනින් මගේ මැනිකව උස්සන් අර කතා කරපු අංකල්ගේ වෑන් එකටම දාගත්තේ ඉස්සෙල්ලා මං කර කර හිටපු වැඩෙත් අමතක වෙද්දී . මගේ කොල්ලා මගේ තුරුලේ මෙහෙම නිහඬව වැටිලා ඉද්දි  ඇස්වලින් වැටෙන කඳුලු නවත්තගන්න මං ලොකු වෙහෙසක් ගත්තා.

" ත්..තේ..ෂ්... එ..ප්.පාහ්.. ම..ට්ටහ් "

මගේ කොල්ලාගේ කටින් ඒ වේලාවේ එහෙම දෙයක් පිටවෙද්දි මට හිතාගන්න බැරි උනා මෙහෙම වේලාවකත් එයා මාව එපා කියන්නේ ඇයි කියලා .භාගෙට පිය උන ඇස්වලින් මං දිහා බලන් කොල්ලා තදින් මගේ ෂර්ට් එක අල්ල ගත්තේ මං එකාව දාලා දුවයි කියලා බය වෙලා වගේ. ඒ ඇස්වලින් නවතින්නේ නැතුවම කදුලූ ගලන් යද්දී රිදුනේ මගේ හිත .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now