නවවෙනි කොටස 🖤

520 69 0
                                    

හෝතම්බු පැටියා නේද යකු ඉන්නේ දන නමන් මලකුත් දික් කරන්. සෝයි අප්පා එයාගේ මූන පුරා තියෙන රැවුල කපන්නමයි හිතෙන්නේ මට . හෑ මොකද්ද මේ මගේ අතේ තියෙන්නේ දැලි පිහියක් නේද . දැලි පිහියත් අතේ දරන් මං ලං වුනේ තේෂ් අභිමන් නොහොත් මගේ හෝතම්බු පැටියා ලගට. ඌ ඉන්නවා තවත් මලක් දික්කරන් දන ගහගෙන . දැලි පිහිය ලං කරා මං උගේ රැවුලට

"හූඌඌඌඌඌඌඌඌඋ "

හෑ මොකාද යකු හූ කියන්න පටන් ගත්තේ ගමකට ඇහෙන්න.

" ඔහොම හිටපන් නැත්තන් මේකෙන් ටොගේ රැවුල වෙනුවට බෙල්ල කැපෙයි 😤"

"මොනවාද බන් මූ මේ දොඩවන්නේ හීනෙන් "

ඒ පාර ඇයි මේ හෝතම්බුවා දේශ් මෑ කරලා වගේ කතා කරන්නේ  

" නැගිටපිය කනමතයෝ දොලහාත් පහු වෙලා  "

මොකෙද්ද මාව දාගෙන හොලවද්දි මං ඇස් ඇරලා වටපිට බැලුවා . යකු මං කොහෙද මේ ඉන්නේ . ආ ඇද උඩනේ. කෝ එතකොට හෝතම්බුවා . ඌ වෙනුවට මොකද මේ සචියි දේශුයි ඉන්නේ මාව කන්න වගේ බලන්. මං ඇද පුරාත් බලලා ඇද යටත් බැලුවේ දැලි පිහිය කොහෙද කියලා ඇයි යකු ඒක රජකාලේ භාන්ඩයක්නේ. කෞතුකාගාරේට හරි දෙන්න තිබ්බා.

" මොනවාද බන් ඒ පාර හොයන්නේ . අපි ඇවිල්ලා දැන් පැයකටත් වැඩියි. බලන් ඉදලා බැරිම තැන මේ තෝව ඇහැරුවේ "

දේශ් දෙස්දෙවොල් තියද්දි තමයි මගේ කුඩා මොලේට සීන් එක තේරුනේ. ඒ කියන්නේ මං දැකලා තියෙන්නේ හීනයක් 😒. අපරාදේ අරුගේ රැවුල කපාගන්න බැරි උනානේ මේ ජරා සත්තු දෙන්නා හින්දා .

" ආවානම් කාලා නිදාගනිල්ලාකෝ රෙද්ද මෙතන උදේ පාන්දර මාව ඇහැරෙව්වේ 😒"

" උදේ පාන්දර කොහෙද මී වස්සෝ 11යි වේලාව. නැගිටපන්. ඇදුමක් ගන්න ඕනි නේද අර මගුලට අඳින්න "

අප්පාටෞඩු යකු එච්චර වෙලා මං නිදාගෙනද. ඇත්තටම ලයිවින් කොන්සට් එකට අඳින්න ඇඳුමක්ගන්න ඕනි නෙන්නම්. ඇමරිකා ඉදලා එද්දි මං වැඩිය ඇදුම් ගේනාවේ නෑනේ . මං නැගිටලා ඉක්මනින් ලෑස්ති වෙලා අරුන් දෙන්නා එක්ක එලියට බහිද්දි මගේ හෝතම්බු පැටියා ඉන්නවා නිකම් ගෑනි මැරුන මිනිහා වගේ නිකටට අතකූත් තියාන් බංකුවක ඉදන් කුඹුරු යාය දිහා බලාගෙන . මූට සසර කලකිරිලා ද කියලා සධාරණ සැකයක් මගේ හිතට ආවා මේ ඉන්න විදිහ දැකලා . එහෙම වෙන්න බෑනේ නේද. අරුන් දෙන්නා ගිහින් කාර් එකට නගිද්දි මං ඇවිදන් ගියා හෝතම්බු පැටියා හිටපූ බංකුව පිටිපස්සට

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now