තුන්වෙනි කොටස 🖤

612 78 1
                                    

ඔලුව හරවලා බලද්දිම දැක්කේ එදා මාව හොදි නාවපූ හෝතම්බුවා නේද යකොව් මේ . ඌ සිංහල කතා කරනවා දෙවියනේ . එතකොට එදා මං කිව්ව සුද්ද සිංහල ඔක්කොම මූට තේරෙන්න ඇති . වලක් කපන් වැලලියම් නුරාශ් . එදා විදිහටම කලු ජැකට් එක දාලා  කැප් එක දාලා මේ රෑ මූ සගාත් දාන් ඉන්නවා නිකම් ගල් බිල්ලා වගේ. මගේ ඇගේ මාලූ නටනවා මූව දකිද්දි. දෙන්නම් ජම්බු කියලා බොහොම ආමාරුවෙන් නැගිට්ටේ මූට දෙකක් කියන්න .

" ඕයි හෝතම්බුවා තමුසේ එදා මාව හොදි නාවලා අතුරුදන් උනා නේද . අහුවෙනකම් හිටියේ තමුසේව මගේ පාන් කෑල්ලේ වාඩුව ගන්න  "

" ඉස්සෙල්ලා මනුස්සයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්නවා මිස්ටර් නුරාශ් . හොද වැදගත් ෆැමිලි එකක කොල්ලෙක් නේද ලැජ්ජ නැද්ද මේ මහා රෑ හොරෙන් ගෙවල්වලට පනින්න "

යකොව් මූ මට නෝන්ඩියටමනේ ටෝක.. මගේ නමත් දන්න එකෙක්. කවුද යකොව් මූ. චා වෙයිද මන්දා මාව.

" තමුසේ මොනවා හොරකම් කරන්න ද මේ තාප්ප උඩින් වතුවලට පැන්නේ ආ 😎"

" අනේ මේ පූස් බට්ටෝ තමුසෙත් ඔය විදිහට ඇදන් මේ ඇවිත් ඉන්නේ අහසේ තරු බලන්න ද. මගේ nortyගේ ගෙදරින් හොරකම් කරන්න නේද ආ"

" තමුසේගේ norty උනේ කවදාද බන් මං . මං ආපූ හොරකමක් නෑ මේ මගේ ගෙදර හොර බනියෝ "

" ඈ තමුසේ ගැන නෙමෙයි ඕයි මං කිව්වේ සුපර්ස්ටාර් නෝටි ගැන. අනික මේ ගෙදර නෝටීගේ නෙමෙයි ද එයා ඉන්නේ මෙහේ නෙමෙයි ද ඉන්නවා පොඩ්ඩක් මං ගිහින් බලලා එන්න "

" මෙහෙ එනවා කොහෙ යන්න ද. මෙහෙ ඇති නෝටියෙක් නෑ දැන් . එයා ගමනක් ගිහින් . ආය එන්නේ දවස් දෙකකින්. අනික තමුසේ දැන් ලෑස්ති වෙනවා පොලිසියට යන්න . අනුන්ගේ ගෙවල්වලට හොරෙන් පනිනවාට මං තමුසේව පොලිසියට අල්ලලා දෙනවා . කට නම් තියෙනවා වක්කඩ වගේ හොර වැඩ කරාට 😒"

මූ මාව අතින් ඇදලා ඇරන් යන්න හදද්දි මගේ අත රිදුනා දෙවියනේ කඳුලුත් පැන්නා ඇස් දෙකෙන්.

"ඌහ් අහ්හ්.."

" මොකද ඕයි.."

පූස් බට්ටා ආය හැරිලා රවන ගමන් මං දිහා බැලුවා . ඒක පාර මූ අව්ල් ගිහින් මගේ අත ඒ පැත්තට මේ පැත්තට හරව හරව බලනවා.

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now