විසිවෙනි කොටස 🖤

494 59 2
                                    

" ඒ බන් අපේ සීයා සුදු මහත්තයා නෙමෙයිනේ "

සචී කිව්වේ කටත් ඇද කරන්. මූව පොඩ්ඩක් අන්දන්න කියාපූ වේලාව මේ.

" ඈ බන් මෑකරලෝ ආදරේට හැමෝම සීයාට කිව්වේ සුදු මහත්තයා කියලා නේද  "

" ආ ඔව් හැබැයි .. ඒත් බන් උබ ඇයි මගෙන් සියාගේ නික් එකෙන් අමතලා තෝව බලන්න ද ආවේ ඇහුවේ "

" ඇත්තටම සචී මේකයි.. ලගකදී ඉදන් මට බොලාලගේ ආච්චි වැහෙනවා . ඉතිම් දැන් ටිකකට කලින් උනෙත් ඒක "

" මොක..ක්ක් "

" ඔව් උබ තනිකරම ඉස්සර සියා තරුන කාලේ වගේමයි . ඉතිම් මගේ ඇගේ හිටපූ ආච්චි තෝ සීයා කියලා රැවටිලා තමයි එහෙම උබට කතා කරේ "

" මො..කාක්.."

මෙන්න යකු මූ ඇත්තටම බය වෙලා . හරි විනෝදයි . යකු මෙච්චර ඉක්මනින් රැවටුනාද මගේ හොල්මන් කතාවට. ඕක දෙක වසරේ ලමයෙක්ට කිව්වාත් ඌ බය වෙන්නෙත් නෑ . ඒත් මූට දාඩියත් දාලා

" ඒ තෝට පිස්සු ද බන් මූ කියන බොරු විශ්වාස කරන්න . තොපේ ආච්චිට පිස්සු ද මේ වගේ සකබඹරෙකට වැහෙන්න 😂"

යකු මේ දේශ් සකබඹරේ කිව්වේ මට ද හෝ හපුට්ටා 😒

" නෑ බන් ඕක ඇත්ත .. අපේ නුවර වලව්වේ ආච්චිගේ හොල්මන දැකපූ මිනිස්සුත් ඉන්නවා .. මං ඒ වලව්ව පැත්ත පලාතේ යන් නෑ බය නිසා .. මං සීයා ඉස්සර වගේමයි කියලා අපේ තාත්තාත් කියනවා.. ඇත්තටම ආච්චි ඇවිත් ඇති මාව හොයන්. ඉතිපිසෝ භගවා.."

මෙන්න යකු ඒ පාර මූ වැදගෙන ගාතා කියනවා. මුගේ කකුලුත් ඇත්තටම වෙව්ලනවාද කොහෙද . මටයි දේශ්ටයි හිනා මේක දැකලා . සචීයා අපි දෙන්නාට රවනවා වැදගෙනම.

" අයියෝ බය නොවී හිටපන් සචී.. ඒක නෙමෙයි බනී අපි මෙහෙ ආවේ සතියක් වගේ නවතින්න "

අනේ දෙවියනේ මරු නිව්ස් එකක් . මුන් දෙන්නා මෙහෙ නවතිනවා කියන්නේ මට කිසිම පාලුවක් නෑ . මාර හැපි

" අනේ ඇත්තමද දේශෝ "

මං ඇහුවේ දේශ්ව ඇගටම පැනලා හග් කරන ගමන්.

" ඔව් ඔව් බනීඊඊ.. ඒක නෙමෙයි මේ මොකද ප්ලාස්ටර් එකක් "

දේශ් ඇහුවේ මගේ නලලේ තියෙන ප්ලාස්ටර් එක අල්ලලා.

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Donde viven las historias. Descúbrelo ahora