දහතුන් වෙනි කොටස 🖤

486 66 4
                                    

මිස්ටර් නුරාශ් ඕක බොන්නම ඕනි ද 🙄 විසික් කරනවා මං එකක් හදලා දෙන්නම්.."

යකු මු මං පලවෙනි වතාවට හදපූ කිරි කෝප්පේ විසික් කරන්න කියන්නේ මට චා එකට වෙන්න ඇති . එහෙම වෙන්න දෙන්න පුලුවන් ද. මං මගේ රස කිරි කෝප්පේ බොන්න ඕනි .

" තුහ්හ්..හ්හ් 😖😖"

කටට ගත්ත ටිකම විසික් කරේ ඒක එච්චර රහා නිසා .. අමුම අමු කහට රහක් ජරාම ජරා රසයි. කරවිල අමුවෙන් කැවානම් හොදයි මීට වඩා.. එච්චර ජරා රහක්...තිත්තයි .

" කිව්වා නේද බොන්න එපා කියලා රස වැඩි වෙලා වෙන්න ඇති එලියට දැම්මේ බිව්ව ටිකත් 😏"

" ආ ඒ පෙරෙතයෝන්ට විසික් කරේ 😒 තමුසේ මෙතන බලන් හිටියානේ පේරෙතයා වගේ මගෙ බඩ රිදුනොත් කියලා විසික් කරේ පලවෙනි උගුර "

" හරි එහෙනම් ඔය ටිකත් බීපන් මඟුල "

" බොනවා තමයි හුහ්හ් "

මූට සෙකන්ඩ් වෙන්න බැරි නිසා කියෙව්වාට කොහොමද යකු මේ ජරාව බොන්නේ. දැන් බිව්වේ නැත්තන් මූ හිනාවෙයි. බොහොම ආමාරුවෙන් තව උගුරු දෙකක් බිව්වා. එව්ව් වමනේට එන්න වගේ දෙවියනේ ...

" අම්මොහ් බනීයෝ බඩගිනි පැටියෝ .. මේක මට දීලා වෙන එකක් අම්මිට කියලා හදාගන්න හොදේ "

මගේ රත්තරන් අයියා කොල්ලා නේද මේ ආවේ . හොදටම මහන්සි පාටයි පොරට. මගේ අතේ තිබ්බ තේ එකත් උදුරන් ගිහිම් එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා පොර එක උගුරට බිගෙන බිගෙන ගියේ මායි හෝතම්බු පැටියායි ඇස් ජිල් කරන් බලන් ඉද්දි .

" ඇයියාහ්... තුහ්හ්.. මේ මොන ජරාවක් ද 😖 චූටි බනී ඔයාට හෙම්බිරිස්සාව හැදුනාද පන 😣"

කටට ගත්ත ඔක්කොම එලියට විසික් කරලා මුනත් ඇද කරන් අයියා මගෙන් ඇහුවේ මං වලක් කපන් වැලලෙන්න හිතෙද්දි

"ඇ...ඇයි අයි..යා.."

" නෑ මේ කසාය බොන්නේ 😖 අම්මි බැන්නාද මේක බොන්න කියලා බනීට. හෙම්බිරිස්සාව නෙමෙයි මොනවා තිබ්බාත්  මේක බොන්න එපා .. පස්පංගුව හොදයි මේක එක්ක බලද්දි සික්.. "

හෑ යකු අයියා හිතන්නේ මේ මට හෙම්බිරිස්සාව හැදිලා නිසා අම්මා මට තම්බලා දුන්න කසාය කියලා ද. අයියා දන්නවා නම් ඔය මං හදපු තේ එකක් කියලා වහා කාලා කැලේ පනිනවා සුවර්. ඔක්කොම ඉවසන්න පුලුවන් මේ හෝතම්බුවා හිනා වෙනවා මං දිහා බල බල චා විදිහට . මීට වඩා හොදයි මං මලානම්. අයියා රූම් එකට ගියේ කෝප්පේ ඉතුරු ටිකත් සින්ක් එකට හලලා .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now