දහවෙනි කොටස 🖤

500 71 2
                                    

ඔන්න අයිස්ක්‍රිම් ශොප් එකේ ටේබල් එකක් අල්ලම් අපි ටික අසුන් ගත්තා.

" මල්ලි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රිම් තුනක් ගේන්න "

සචියා පැන්න ගමන් ශොප් එකේ කොල්ලෙක්ට එහෙම කිව්වේ අපි තුන්දෙනාම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රිම් පිස්සෝ නිසා . කොල්ලෝ කියලා නෑ අපි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රිම් පෙරෙතයෝ.

"සොරි සර් ස්ට්‍රෝබෙරි එක නෑනේ ඉවරයි චොක්ලට් එක විතරයි දැනට තියෙන්නේ .ස්ට්‍රෝබෙරි එකෙන් එක්කෙනෙක් ට වගේ නම් තියෙනවා . "

ඒකා කියද්දි අපි තුන්දෙනාගේම මූනූ ඇද උනා යකු  🥲.

" කමක් නෑ එහෙනම් ස්ට්‍රෝබෙරි එකයි චොක්ලට් දෙකයි ගේන්න එහෙනම් "

දේශ් කිව්වේ මූනත් ඇද කරන් . ඒ කොල්ලා අයිස්ක්‍රිම් ගෙනත් තිබ්බා විතරයි මං පැනපු ගමන් ස්ට්‍රෝබෙරි එක ගත්තේ අරුන් දෙන්නත් තල්ලු කරන්.

" අනේ බනීයෝ ඕක නම් කරන්න එපා වස්තුවේ දීලා කාපම් මැනික 🥹"

සචී කිව්වේ හැන්දකුත් අතේ දරන් මං පැත්තට හැරිලා හරිම කණගාටූදායක වොයිස් එකකින්. මුන් දෙන්නා එන පොට හරි නෑ ෆ්‍රේන්ස් මේකේ දීලා කන්න දේකුත් නෑ මටත් මදී. අයිස්ක්‍රිම් එකත් උඩට අල්ලන් මං නැගිට්ටේ මේක උන්ගෙන් බේරගන්න  . ඒත් සචී මගේ අතින් ඇද්ද පාර අයිස්ක්‍රිම් එක  මගේ ඇඟට හැලුනා   .  අඩොව් මගේ සුදු ටී එකත් රෝස පාට පැල්ලම්. මට ආපූ තරහාට කප් එකේ ඉතුරු අයිස් ටික සචීගේ ඔලුවට හැලුවා .

" එයීඊඊ වස්සෝ මොකද්ද ඒ කරේ.  අඩොව් බලපන් මගේ කොන්ඩෙත් ඉවරයි "

"ටොටත් හොදවැඩේ මුගේ හැටි දැනන්ම එල්ලෙන්න ගියා  . දැන් හරිනේ 😂"

" අඩොව් දේශ් මේ ටිෂු එකෙන් ඔලුවේ තව තියෙනවා ද බලලා පිහදාපන්කෝ. ඔලුවත් එක්ක කූල් උනා. මේ සොම්බි හොල්මන කරොත් කරන්නේ ඔහොම වැඩක්මයි 😣"

උන්දෙන්නා ඇතුලේ කියව කියව ඉද්දි මං එන්න ආවා. ඇයි යකු අයිස්ක්‍රිම් එකත් නෑ එහෙන් අරු මට සොම්බි හොල්මනලූ. මිනිස්සුත් බලන් හිටියා .

මං ගිහිම් කාර් එකට නැග්ගා. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ. ෂර්ට් එකත් ඉවරයි   තාම ඇදුම් ගත්තෙත් නෑ . ටික වේලාවකින් අරුන් දෙන්නාත් ඇවිත් කාර් එකට නැග්ගා. දේශ් මං දිහාට මොනවාද පර්සල් එකක් විසික් කරා.

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now