දාහත් වෙනි කොටස 🖤

465 65 5
                                    

යකු මගේ රත්තරන් අප්පච්චියාගේ වොයිස් එක නේද .. ඇවිද්දා නෙමෙයි මං පියාඹගෙන ගියේ. ගියපු ගමන් පැන්නේ ඉදගෙන හිටපු අප්පච්චිගේ ඇග උඩට.තව පොඩ්ඩෙන් දෙන්නාම බිම.

" චුටි පුතා ඇහැරුනාද ගුඩ්මොනිම් "

"අප්පච්චි ඔයා මට කෝල් එකක්වත් දුන් නෑ එනවා කියලා . තරහායි මං .. ඒක නෙමෙයි කෝ ලක්ෂ්මි නගා අපේ "

" බලපන් රතූ අම්මාට කතා කරන හැටි මේ කොල්ලා "

අප්පච්චී ඒපාර මගේ වැරදි රත්වත්තේ අංකල් එක්ක කිය කිය හිනාවෙනවා. අංකලුත් අහන් ඉන්නවා හිනා වේවී.

" ඒත් නියමයි බන් .මට හිටියේ නෑනේ මේ වගේ බෝනික්කෙක් . එහෙනම් ගෙදරම පිරිලා "

" මඟුල තමයි ඩෑඩ් මේ වගේ හොල්මනක් අපේ ගෙදර හිටියා නම් බලාගන්න තිබ්බා ඔයාලා කන්වල ඇබ ගහන් ඉන්න හැටි. මං වගේ අහිංසක පුතෙක් ඔයාට හිටියේ වේලාවට "

සචී ආවේ එහෙම කියන්. දෙන්න හිතෙනවා මූට.. මූ කොහෙද අහිංසක .හිටපන්කෝ කරන්න හොද වැඩක් මෑ කරලාට.අතට පේන මානේ අහු උනේ වතුර වීදුරුවක් .. එකේ වතුර ටිකෙන් දීලා ඇරියා ඌගේ මූන නෑවිලාම යන්න .

"  මොන හූ#$* හිටපිය තෝට දෙන්නම් "

" පුතා ඕක ඇති දැන් ඔය ලමයා ට ඉන්න දෙනවා "

හොද වේලාවට අංකල් හිටපු නිසා මං බේරුනා. සචී ඉන්නවා මූනත් බෙරි කරන් තෙමිච්ච කුකුලා වගේ රවන්. හරි අලාංකෘතයි .

" මොකද බන් මේ නාලා "

දේශ් එතනට ඇවිල්ලා අහද්දි අරුගේ මූන තවත් ඇද උනා. දේශ්ටත් ගස්සන් යන්න ගියේ දේශ් උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව අපි දිහා බලද්දී .

" අප්පච්චී කියන්නකො කෝ ඔයාගේ නෝනායි පුතායි "

" අම්මිනම් ආන් සුජානි ඇන්ටි එක්ක කිචන් එකේ. අයියා නම් ගෙදර මැනික එයා ටිකක් අසනීපෙන් "

හෑ මගේ අයියා කොල්ලා ලෙඩ වෙලා. මගේ හැපිය නැති උනා.

" අනේ අප්පච්චී අයියාට මොකද උනේ "

" ආ බය වෙන්න දෙයක් නෙමෙයි දෙන්නාම මොනවා හරි කාලා බඩේ අමාරුවක් ඇවිත් . නැත්තන් අපි ඊයේ හවස එන්න හිටියේ  පස්සේ බෙහෙත් අරන් අද උදේ ආවේ   . තාම දෙන්නා නිදි ඇගට පන නෑ කියලා "

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now