පස්වෙනි කොටස 🖤

559 71 4
                                    

ඒකෙන් බැස්සේ බමුණෙක් යකු. හිමාලෙට යන පාර වැරදිලා මූට මං හිතන්නේ. ඒත් මූ ඇදන් ඉන්නේ කහ රෙද්දක් නෙමෙයි හැබැයි . කලූ කෝට් සූට් එකක් බමුනා ඇදන් ඉන්නේ . උඩට ජෙල් කරලා හදපු කොන්ඩේ නම් පට්ට. මුගේ ඇස් විතරයි පේන්න තියෙන්නේ එච්චර තඩි රැව්ලක් වවන් මූන පූරා. හරියට නිකම් අර හොදී නාවපූ හෝතම්බුවාගේ වගේ රැව්ල. ඇස් දෙකටත් පෙනීම අඩු නිසාද කොහෙද කොටු කන්නාඩි දෙකක් දාලා. අනේ මන්දා මූගේ ඔක්කොම හොදයි අර රැවුල ඇර🥹

" ආ මේ හොර බට්ටාත් ඉන්නේ මෙහෙද "

ඈ යකු පුරුදු වොයිස් එකක් . දෙවියනේ මේ අර හෝතම්බුවා නේද  😒

" ත්..තමුසේ ... තමුසේ මොකද මෙහෙ.. මාව ෆලෝව් කරනවාද ඇමරිකාවල ඉදලා. මේ පූස් බට්ටෝ දැන්ම මෙහෙන් තොලොංචි වෙලා යනවා. නැත්තන් තමුසෙගේ පුරශ්චාර්වක දත් දෙකක් බඩට යවලා තමයි මං නවතින්නේ "

ඇයි යකු මූ මගේ පස්සෙන් එන්නේ. මාව කිඩ්නැප් කරලා අප්පච්චිගෙන් කප්පම් ගන්න ද.නැත්තන් මූට මං ගැන හිතක් පහල වෙලා ද. කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් වශි වෙන ලස්සනක් මට තියෙන්නේ කියලා දකින හැමොම කියනවා. මගේ ලස්සනට මූත් වශි වෙලා වෙන්න පුලුවන් .  මොනවාද මං මේ හිතන්නේ . මට පිස්සු ද මන්දා. මූ අනිවා කප්පම් කාරයෙක් වෙන්න ඇති 

" අනේ සුදු පුතා නොකියා ම ඇවිත් මේ දරුවා දෙවියනේ ..."

හෑ මෙන්න එකපාර ආච්චි කෑ ගහන් අඩන් ඇවිත් මූව බදාගත්තා. මොන සුදු පුතෙක්ද යකු මේ හෝතම්බු පැටියෙක්නේ. ආච්චි ට වයස නිසා ඇස් පේන් නැද්ද කොහෙද . කණ්නාඩි දෙකක් අරන් දෙන්න ඕනි මේ ආච්චි කෙල්ලට මිතුරනි .

" ආච්චි අම්මාව සප්‍රායිස් කරන්න ඕනි නිසා මං ඔන්න නොකියාම ආවා... "

මෙන්න ඒ පාර මූත් කියවනවා. දෙන්නා සතුටු කඳුලු වපුර වපුර ඉද්දි ඔන්න අනිත් සනුහරෙත් ඇවිත් මූව ගෙට එක්ක ගියා. මුන්ට මාව මතකවත් නෑනේ රෙද්ද. ඔන්න ඔය වේලාවට තමයි හිතෙන්නේ වහා ටිකක් බීලා කැලේ පනින්න . ඔන්න ඔහේ කමක් නෑ කියලා මාත් ගෙට ගියා. යද්දී ඔක්කොම වටවෙලා මූ එක්ක කතාව.

" චූටි පුතා  මේ තමයි ඔයාගේ නැද්දාගෙ පුතා තේෂ් අභිමන් වික්‍රමසිංහ "

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now