දෙවෙනි කොටස 🖤

678 80 3
                                    

ඒත් අය බලද්දි ම යකු මූ නෑ. මල් වාස් එකත් දෑත දරාගෙන රෙස්ටුරන්ට් එකේ මේසේ යට පවා මං හෙව්වේ ඒ පුස් බට්ටාව. ඒත් මූ අතුරුදන් වෙලා දෙවියනේ මූ හොල්මනක්වත් ද 😱😱😱 නැත්තන් පිටසක්වලයෙක්ද එහෙම නැත්තන් අනන්තෙන් පියඹා ආ තරු කුමරාද මූ.. මගේ පාන් කෑලි ටිකට කරපු වැඩේට පලි ගන්නවත් මේ අවලමා නෑනේ දෙවියනේ .මූ ඒ කරපු වැඩේට නම් වැහි නැති හෙන පොකුරු පිටින් ගැහුවාත් මදි.මගේ අසරන පාන් කෑලි ටික ඔයාලාට දුකද මේ හැන්ඩ්සම් කොල්ලාගෙ බඩට යාගන්න බැරි උනාට 🥹

"අම්මෝ යකොව් තෝ හොදි කෑවාද නෑවාද 🤣🤣🤣 "

" නෑ පීනූවා උට්ටෝ තොපි හිතුවේ මං ඒවා කන්න ගත්තා කියලා ද දේශ් 😒😒"

මුන් වගේ යාලුවෝ තියන් ඉන්න මට ගහන්න ඕනි දෙකේ දෙකේ පොල්ලකින්. ආය පන ආවොත් ආය ගහන්න ඕනි මැරෙන්න ම. ඇයි යකොව් මෙච්චර දෙයක් උනා ඒත් මුන් දෙන්නා දැන් එන්නේ හිකි හිකි ගගා අවලම්මු . පාප මිත්‍රයෝ මුන්. උන් දෙන්නාට රව රව ඉද්දි ඉස්සරහා තියෙන ග්ලාස් එකකින් මං දැක්කේ මගේ රූපේ . බුදාම්ම්මෝ ලස්සන සුර දූතයෝ පරාදයි . මස් හොදී නෑහැවුන මූනත් තහඩුව කොන්ඩ කටු ගැහුවා වගේ තැනින් තැන එල්ලෙන කරපිංචා කොල අම්මෝ මගේ විලාසිතාව පට්ට යකු  😖

" ඔහොම කොහොමද යකොව් ඇඳුම් ගන්න යන්නේ . දැන් ගෙදර යමන්. ඊලගට ෂැම්පූ  බෝතල් හත අටක් දාලා නාපන් ගඳ යන්න  🤣"

මොනවා කරන්න ද ආය ගෙදර ආවා . ආය අර පූස් බට්ටා අහු වියකෝ මට ඕකාට මං පෙන්නනෝ එලොව පොල් බම්ලා.

😎😒😎😒😎😒😎😒😎😒😎😒😎😒😎😒

"කුටිබොමයි කුටිබොමයි කුටි බෝමයි බොමයි බොමයි "

සිංදුවක් කියන් මං ආවේ පල්ලේහාට. එද්දි මගේ සුදු අම්මියි අප්පච්චියායි සුපිරි කයියක සෝපා එකෙ ඉදගෙන. අයියාකාරයා ඉන්නවා අම්මාගේ ඔඩොක්කුවට ඔලුව තියන් නාකි කෝලම් 😒😒

" ඔව් නෝනා singer කෙනෙක් තමයි මිනිහාට කට්ටිය කියන්නේ norty කියලානේ. ඇත්ත නම කවුරුත් දන් නෑ කියන්නේ "

ඈ යකු අප්පච්චී මේ කියන්නේ මගේ වස්තු ගැන නේද. කන දික් කරා ඒ පැත්තට .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now