දහනව වෙනි කොටස 🖤

445 64 5
                                    

ඔලුව රිදෙනවා අප්පා. මං එක ඇහැක් හෙමීට ඇරලා බැලුවේ මං ඉන්නේ අපායේද දිව්‍යලෝකේ ද කියලා . නෑ යකු තාම මං නෝටිගේ ගෙදර තේෂ්ගේ රූම් එකේ ඇද උඩ. ඇදේ ඉදන්ම පොඩ්ඩක් කැරකිලා වටපිට බැලුවා .. මගේ ඔලුව ලොකුවට බැන්ඩේජ් කරලාද දන් නෑ පොඩ්ඩක් කන්නාඩියකට කිට්ටු කරලා බැලුවා . නෑනේ යකු පොඩි ප්ලාස්ටර් කැල්ලක්නේ අලවලා තියෙන්නේ . එතකොට අච්චර ලේ ගියේ මෙච්චර චූටි තුවාලෙකින්ද.. සමහර විට මගේ ලේ වැඩි ඇති .

" ආ තමුසේ ඇහැරුනාද  එනවා යන්න .. දවසම කෑවා "

මේ මොකද හෝතම්බුවා මට කෑ ගහන්නේ . දැන් ටිකකට කලින් මූ මට ආදරෙන් ඇමතුවානේ. මං මෙහෙම ලෙඩ වෙලා ඉද්දිත් මූ මට කෑ ගහනවා .. මං ඇස්වල කදුලු පුරවන් හෝතම්බුවා දිහා බැලුවා

" මොකද හලොව් ඒ පාර පොඩි එකෙක් වගේ අඩන්නේ "

" මට මෙච්චර ලොකු තුවාලයක් වෙලා තියෙද්දිත් ඔයා මට බනිනවා 🥺"

"කොච්චර ලොකු තුවාලයක් ද 😏"

" ඇයි ඔයා දැක්කේ නෑ වගේ අහන්නේ..ඉහ්.. ඔයාගේ ඇඳුමෙත් ඔය ලේ තියෙන්නේ "

" කෝ.. මොන ලේ ද.. මේ තියෙන පැල්ලම්ද "

" ඔව් යකොව් උලමෝ ඔය ලේ තමයි ඉ.හ්.."

" පිස්සු ද තමුසේට මේ ටොමැටෝ සෝස්.."

" ඇහ්. ටොමැටෝ සෝස්..?

" ඔව් ටොමැටෝ සෝස්.. තමුසේ ඉස්සෙල්ලා ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුනාම හදිසියේ උස්සන්න් එද්දි වේටර් කෙනෙක්ගේ ඇගේ හැප්පිලා ඌ අතේ තිබ්බ සෝස් කප් එක ඇගේ හැලුනා . මේ ඒවා ඔය තමුසෙගෙත් ගෑවිලා තියෙන්නේ "

නෙදමකින් මට පොලොව පලන් යන්න හිතුනා . හෝතම්බුවා මට චා එකට හිනා වෙනවා . සැක් මටමයි වෙන්නේ.

" ආ මල්ලි නැගිටලා නේද . ඔයාට සිහිය නැති උනේ එකපාර බය උනු නිසා කියලා පෙරේරා අංකල් කිව්වා. නලල පොඩ්ඩක් ගෙඩි ගැහිලා නිසා මේ බාම් එක දුන්නා "

නෝටියා රූම් එකට ඇවිත් කියද්දි මං බිම බලගත්තේ ලැජ්ජාවට. ඇයි යකු එසේ මෙසේ චා විල්ලක්ද උනේ මට .

" හරි එහෙනම් යෙෂ් අපි යනවා දැන් . හෙට ඉදලා මෙයා වැඩට එයි"

" හරි පරිස්සමෙන් "

" ආ මේ ඒක නෙමෙයි යෙෂ් අර කේස් එක ටිකක් ලොකු එකක් වගේ.. මාෂිව ලංකාවට එක්ක එන්න වෙයි.. මං උබට ගිහින් කෝල් එකක් ගන්නම් "

" හ්ම්ම් හරි ගිහින් ගනිම් "

මුන් මොනවා කියවනෝද මන්දා. කවුද මාෂි. ඕවාත් කල්පනා කර කර මං පහලට ආවා. අද දවසනම් මහා ජරා දවසක්. උදේ ඉදම් මට කරදරමයි. වෙච්ච ලැජ්ජාවක්. පාටි එක ඉවර වෙලා ඔක්කොම ගිහින් වගේ. මං ගිහින් නතර උනේ කාර් එක ගාවින්. ටික වේලාවකින් හෝතම්බුවා ත් ආවා. ගෙදර එනකම් ම අපි දෙන්නා අතර කතාවක් තිබ්බේ නෑ . මං න්නම් කටපියන් හිටියේ ලැජ්ජාව නිසා ..

" ආය ඇවිදිද්දි බිම බලන් ඇවිදිනවා උඩ බලන් යන් නැතුව . මොකද තමුසේ පෙරලෙන පෙරලෙන සැරේට අල්ලගන්න නෝටිලා ගෙදර සචීවත් නෑනේ "

මූ එහෙම කියලා ගේ දිහාවට ගියා . දෙන්න හිතෙනවා මුගේ ඔලුව ගැලවෙන්න . තාම මූ හිතන් ඉන්නේ සචී මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා .

" ඒ උම්මා කැටේ උබ ආවාද සුකිලි බෝලේ 😍"

ගෙට යද්දිම ඉස්සරහට පැනන් ආවේ මෑ කරලයි හාල් මැස්සයි ඒ කියන්නේ සචියි දේශුයි. උන් දැකපූ හෝතම්බු පැටියගේ මූන හෙන ගහපු වරකේ වගේ උනේ මං බලන් ඉද්දිමයි. කුරිරු සතුටක් දැනුනේ මට මූගේ ඊර්ෂ්‍යාව ගැන .

" අනේ සුදු මහත්තයෝ ඔයා ආවාද මාව බලන්න !

මං එහෙම කියන් ගිහින් සචිගේ කරේ එල්ලුනේ අරූට පේන්නමයි. සචී නිකම් කරකවලා අත ඇරලා වගේ උඩ බිම් බලනවා. හෝතම්බුවා යන්න ගියා මූනත් හතරැස් කරගෙන .

" ඒ බන් බනීයෝ උබේ වයර් එකක් ෂෝට් උනාද කවුද සුදු මහත්තයා . "

" සුදු මහත්තයා කියන්නේ බොලාලගේ මැරුන සියානේ හරකෝ 😏"

මං කිව්වේ සෝපා එකට පැනලා ..

😒😎😎😒😎😒😒😎😎😒😎😒😎😒

මතු සම්බන්ධයි ❤️❤️

ආදරෙයි ඔක්කොටම 💖💖

ආදරෙයි ඔක්කොටම 💖💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now