පහලොස් වෙනි කොටස 🖤

507 65 0
                                    

හෝතම්බු පැටියා මගේ හිත රිද්දපු එකට පලිය ගන්න විදිහ ප්ලැන් කරා මං අන්තිමේ ...දෙන්නම් ජම්බු මට රිද්දලා එහෙම ඉන්න දෙන්න පුලුවන් ද.. ඊටත් බීලා මහා දවල්. තරහායි යකොව් මට 😒

ඉක්මනින් දවස ගෙවිලා ගියේ මගේ ෆ්ලෑන් එක ක්‍රියාත්මක කරන්න මං ඔක්කොම ලෑස්ති කරගද්දි. මං කලින් යනවාට අම්මිව කැමති කරගන්න පුදුම ගේමක් දුන්නේ .. ඇත්තටම කිව්වොත් කොල්ලෙක් වෙලාත් මට අම්මි නැතුව ඉන්න බෑ . එයා ලගම ඉන්න එක තමයි මගේ සතුට . කොහොමත් පෝසත් කොල්ලෙක් වගේම පවුලේ බාලයා නිසා මං හැදුනේ ආදරෙන් වැහිලා වගේ. සමහර විට කෙල්ලෙක්වත් නැතුව ඇති මං තරම් ගෙදර අය ලග හුරතල් උනූ. ඒ වගේම මං මොන වගේ කෙනෙක් ද කියලා මගේ පවුලේ අය දන්නවා වගේම ඕනි ම දේකට මට සපෝර්ට් කරන්න එයාලා දෙපාරක් හිතුවේ නෑ . ඒ නිසාම වෙන්න ඇති මං මෙච්චර නසරානි වෙලා තියෙන්නේ  🙂 සචීලා ගෙදර යන්න අම්මා කැමති කරගන්න ගොඩක් අමාරු උනේ එකයි.  කොහොම හරි මං හිටියේ ඔක්කොම නිදාගන්න යනකම්  . කෑම කන්නවත් හෝතම්බුවා රූම් එකෙන් එලියට ආවේ නෑ . කොහේ එන්නද බීලානේ 😒. ඔක්කොම නිදාගන්න කම් ඉදලා මං හෙමීට අඩිය තිබ්බේ හෝතම්බු පැටියාගේ රූම් එකට. දොරලොක් හොම්ස් වගේ හෙමීට රූම් එකට රිංගුවා. දෙවියනේ මගේ පූස් බට්ටා ඉන්නවා ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇඳ බදාගෙන නිදන්. හරි අහිංසක පාටයි මෙහෙම ඉද්දිනම්. බීලා නෙමෙයි මූ නාලා .. හිස් බෝතල් දෙකයි ඇඳ ලග . මූද දෙකම බිව්වේ කියලා සාධාරණ සැකයක් ආවා මට . මගේ අයියා කොල්ලා ආවෙත් නෑ අද රෑ කෑම කන්න. ඌත් මූ එක්ක බීලා ද. මං අතට ගත්තේ බීලා තව භාගෙට වඩා ටිකක් ඉතුරු වෙලා තිබ්බ බෝතලයක් . දවල් ආච්චිගෙන් උස්සපු බෙහෙත් කල්ක ගුලියක් දැම්මා ඒකට. දාලා හොදට හොල්ලලා කලවම් කරා. ඊලගට මොකුත් නොවුන ගානට මගේ රැවුල් බබාට නලලට  කිස් එකක් දීලා එලියට ආවා. ඔය ගොල්ලෝ හිතන්නේ මං මොනවා ද දැම්මේ කියලා ද ඒ. ඇත්තටම අපේ ආච්චි සිංහල බෙහෙත් බොනෝ බඩ සුද්ද වෙන්න . එකෙන් බෙහෙත් ගුලියක්ක් තමයි මං ඔය උස්සලා දැම්මේ. අරු හෙට ඉතුරු ටික බිව්වොත් ටොයිලට් එකේ පැල වෙන්න පුලුවන් . හොදවැඩේ බමුනාට බේබද්දා වගේ බොනවාට 😒 මං හෙමීට මගේ රූම් එක පැත්තට යද්දී අයියාගේ රූම් එකෙන් සද්දයක් ආවා. කෝකටත් කියලා ඔලුව දාලා බැලුවා ඒකටත්. මං හිතුවා හරි මූත් බීලා හීනෙන් කියවනවා.

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Onde as histórias ganham vida. Descobre agora