විසිහත්වෙනි කොටස 🖤

518 63 4
                                    

කෑම කාලා ඉවර වෙලා රූම් එකට ගිහින් මං ඉස්සෙල්ලා ම ගත්තේ මගේ ඩයරිය. හෝතම්බු පැටියා මාව මඟ අරිනවා කියලා දැනෙද්දි මට දැනුනේ කියාගන්න බැරි දුකක්. ඊටත් කේන්තියක් . මේකා මගේ ෆස්ට් ලව් එක . මං කා ලගවත් මෙහෙම අසරන වෙලා නෑ . මට මගේ ෆස්ට් ලව් එක හිමි වෙන් නෑ වගේ.

" සිතට දැනෙන මේ ලතැවුල් ...
ඉවසන්නම් ඔබේ නමින්..
ජිවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්..
    
ඇත්තටම ඔයා මගේ නෙමෙයි ද තේෂ් "

එහෙම තමයි මං ඩයිරියේ ලිව්වේ. මේකේ හැම පිටුවකම තියෙන්නේ එයා ගැන . ආදරේ දුක තරහා ඔක්කොම ලස්සනට ලිව්වා මං හැමදාම . කවදා හරි හෝතම්බු පැටියා මේක කියෙව්වොත් මට වහා බීලා කැලේ පනින්න වෙන්නේ.

😒😎😒😎😎😒😎😒😎😒😎😒😎

අලුත් දවසක් අලුත් ඉරක් අලුත් මොනවා හරි .. උදේම නැගිටලා ලෑස්ති උනේ නෝටියාගේ ගෙදර යන්න . අද නම් මං කිසිම ගොන් වැඩක් කරන් නෑ එහේ ගිහින්.

" එතකොට සුදු පුතා කියන්නේ නුරාන්ගේ වෙඩින් එක එක්ක ඔයාලාගේ වෙඩින් එක ගන්න බැරි වෙයි කියලා ද "

" ඔව් තාත්තේ මට තාම ශුවර් එකක් නෑ එයා මට කැමතියි කියලා "

මොනවාද යකු මේ මං පහලට එද්දිම ඇහෙන්නේ. ඔලුව උඩට හෙනයක් පාත් උනා වගේ මට දැනුනේ. එතකොට තේෂ් කැමති කෙල්ලෙක් ඉන්නවා .. එතකොට මං ... මගේ ඇස්වලට කදුලු පිරුනේ මටවත් නොදැනි. කකුල් දෙකත් නිකම් පන  නෑ වගේ..

" චූටි පූතා..ඇ..ඇයි මේ දරුවෝ ඔයා අඬනවා ද "

" අ..අ..ම්මී "

මං එහෙම්මම අම්මිට තුරුල් වෙලා හයියෙන් ම ඇඩුවේ මං කොල්ලෙක් කියන එකත් අමතක කරලා . කවුරු හරි මගේ හදවත අල්ලලා මිරිකනවා වගේ වේදනාවක් මට දැනුනේ. අප්පච්චිත් හෝතම්බු පැටියා එක්කම දුවගෙන අපි ලගට ආවා. මං ලාවට දැක්කා තේෂ්ගේ ඇස් ගොඩක් කලබල වෙලා තියෙනවා . එයා හිතාගන්න බැරුව වගේ මං දිහා බලන් හිටියේ .

" අනේ ඇයි දරුවෝ මේ.. කියන්න රත්තරනේ කවුද මගේ කොල්ලාව ඇඩෙව්වේ..

අප්පච්චී ඇහුවේ ගොඩක් බය වෙලා . හැමවෙලෙම හිනා වෙලා ඉන්න මං අඩද්දී එයාට දරාගන්න බෑ .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now