විසිතුන්වෙනි කොටස 🖤

466 60 4
                                    

"අනේ මට බඩගිනි  😭"

" පොඩ්ඩක් ඉන්නවා මේ කාර් එක නවත්තනකම් සොම්බි හොල්මන "

" ඔන්න තේෂ් නැවැත්තුවා . උබ ගිහිම් මොනවා හරි අරන් වරෙන්. මට එන්න බෑනේ මිනිස්සු ඉන්නවා මෙතන "

" හා බන් මං ටක් ගාලා අරන් එන්නම් "

හෝතම්බු පැටියා බැහැලා ගියා. මායි නෝටි කොල්ලායි කාර් එකේ තනි උනා. නෝටියා පිටිපස්ස හැරිලා මං දිහා බලන් ඉන්නවා ඒපාර. මූට මොකක් වෙලා ද. මගේ මූනේ පෙරහැරක්ද.

" නුරාශ් මගේ සිංදුවලට ගොඩක් කැමතියි කියලා තේෂ් මට කිව්වා "

" ආ..ඔ..ඔව් සර් "

" අද ඔය ඇඳුමට ඔයා ගොඩක් ලස්සනයි .. "

" ත්..තෑන්ක්ස්  😕"

මූ මොකාටද එන්න හදන්නේ .. අමුතු හිනාවක් දාන් මං දිහා බලන් ඉන්නේ . බයත් හිතෙනවා . දාඩියත් දාලා යකු මට . මේ හෝතම්බු පැටියා තාම නෑනේ . මූ කඩයක් දාන් උයනවාද දන් නෑ තාම නැත්තේ .

" ටික දවසකට ගෙදර ඉන්න වෙයි දැන් ඔයාට "

" ආ ඔව්.."

" මට තමයි පාලූ "

" ඇ. ඇයි සර්..."

" සර් සර් ගාන්න එපා ලමයෝ .. යෙෂ් නැත්තන් අයියා කියන්න "

" හා සර්.. න්..නෑ යේෂ් අ..යියේ "

" නුරාශ් ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ද නැත්තන් බෝයිෆ්‍රේන්ඩ් කෙනෙක් "

" ම්ම්.න්.."

මං උත්තර දෙන්න හදද්දිම කාර් එකේ දොර ඇරන් එබුනේ හෝතම්බු පැටියා .ඇති යන්තම් එයා අපූ නිසා අරුගේ ප්‍රශ්න පත්තරේ වැහුනා.

" ආ ගන්නවා කාලා මැරෙනවා "

යකු මූ පාන් කෑලි ටිකකුයි හොදි කප් එකකුයි මට දික් කරා.

" ඔන්න අදින් මං තමුසේට අර තියෙන පාන් රොඩ්ඩෙයි හොදි කප් එකෙයි නය ගෙව්වා 😏"

" මේ ටික කාලා මොනවා කරන්න ද සුදු අයියේ 😓"

" ඇයි දැන් .. තමුසේ ඊටත් මට සුදු අයියා කියලා ද කිව්වේ.. "

" ඔව් ඉතිම් ඔයා මගේ සුදු අයියානේ.. අහන්නකො සුදු අයියේ "

" ආ ඔ..ඔව් කියනවාකෝ බලන්න "

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now