දාසය වෙනි කොටස 🖤

494 67 5
                                    

මේ කොහෙද යකු මේ කොන්ක්‍රීට් වනාන්තරේ වගේ..

"කොලඹට ආවා බනී එනකම්ම තෝ නිදිනේ "

ඈ මේ කොලබද අපි ඇවිල්ලාත් ඉවරයි ද.. යකු එනකම්ම මං නිදිද. මේ මූකලන් බස්සෝ දෙන්නාම තිබ්බේ නැද්ද මාව ඇහැරවන්න එන ගමන රසවිඳින්නවත්

" ඉන්නේ කොලඹ නම් කෙලින්ම ගෙදර නොගිහින් මෙතන කන්න නතර කරේ ඇයි බන් 😒"

"අනේ ඇට රිලවෝ ගෙදර ගිහින් බත්නේ කන්න වෙන්නේ . පරාටා කාලා යන්න නැවැත්තුවේ උබට බැරි නම් ඉදපන්. අපි ගිහින් කාලා එන්නම් "

පරාටා දෙවියනේ පරාටා කියන්නේ ආගමක්. මං පරාටා පෙරේතයෙක් . ඉතිම් පැනලා ගියේ පරාටා කන්න. පරාටා වලටත් වැඩේ දීලා අපි යන්න පිටත් වුනේ  නුගේගොඩ තියෙන සචීලාගේ රත්වත්තේ බංග්ලෝ එකට. ඒ අස්සේ කාර් එකේ ලස්සන සිංදුවක් ප්ලේ වෙනවා. ඒත් ඒ සිංදුවට මට දුක හිතෙනවා . ඒ සිංදුව කියන එකා මාර දුක හිතෙන සීන් එකකට මුහුන දීලා වගේ ෆ්‍රෙන්ස් . ඌ කෙල්ල හම්බවෙන්න ගිහින් තියෙන්නේ අහවල් බරක් තියන්ද කොහෙද . පව් අසරණයා 🥲.

"යන්න යනවාද අර කාලේ මතකද....
ඉන්න බැරි තැන ඔබ මාව හමු උන..
ඉන්න බැරි තැන ඔබ මාව හමු උන...

බලන්න ඉතිම් ඉන්නම බැරුව ඉද්දි තමයි හම්බෙලා තියෙන්නේ .. පොදු වැසිකිළියක්වත් තිබ්බේ නැද්ද දන් නෑ ලග.ඔය වගේ රොමෑන්ටික් දේකට යනවා නම්  හදිස්සි අවශ්‍යතා ඉටු කරන් යන්න පුරුදු වෙන්න ඔයාලාත්. නැත්තන් ඉන්න බැරි තැන කිය කිය පොදු වැසිකිලි හොයන් දුවන්න වෙන්නේ...

" යන්න යනවාද මගේ සටහන් එකක්වත් ගැන නොවිමසා.."

ඒ පද පේලිය ඇහෙද්දි නම්ම් ඉස්කෝලේ කාලේ සිහි වුනා. ඉදලා ඉදලා දෙන ගෙදර වැඩ ඔක්කොම කරන් ගිය දවසට ටීච පොත බලන් නැතුව යද්දී ඕක තමයි කියවෙන්නේ ...

😒😎😒😎😒😎😒😎😒😎😒😎😒😎

" අනේ කොල්ලා තවත් කියුට් වෙලා බෝනික්කෙක් වගේ බලන්නකෝ රතූ 😍"

සුජානි ඇන්ටි මාව පිලිගත්තේ එහෙම . රත්වත්තේ අංකලුත් අද ගෙදර . ඇන්ටි රතූ  කිව්වේ අංකල්ට තමයි හොදේ. අංකල් අද පර්ලිමන්ට් ගිහින් නෑ අද දෙන්නාම ගෙදර . දෙන්නාම මාව හග් කරේ ගොඩක් ආදරෙන්. ලස්සන රූම් එකකුත් දුන්නා මට . මං වොෂ් එකක් එහෙම දාන් ඇවිත් අම්මිට කෝල් එකක් ගත්තේ මං ආවා කියන්න . ඊට කලින් රත්වත්තේ අංකල් අප්පච්චී ට කෝල් කරලා අපි ආවා කියන්න . දැන් නම් හෝතම්බුවා ඇහැරිලා ඇති .මාව හෙව්වා ද දන් නෑ . දුක දරාගන්න බැරුව ඇඩුවාද දන් නෑ .

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now