ටේහියුන්ග්ට පිටුපාලා හිටගෙන හිටියෙ ලොකු දුබුරු ටෙඩී  කෙනෙක්.
ටෙඩීව දැක්ක ගමන් ටේහියුන්ග් ගැස්සිලා ගියත් ටෙඩී තවමත් නිසොල්මන්ව හිටගෙන ඉන්නවා.

"මගෙ පුංචි  මල"

ජන්කුක්ගෙ කටහඩ ටෙඩී ලගින් ඇහෙද්දි පුංචි හිනාවක් ටේහියුන්ගෙ රෝස තොල් අග ඇදුනත් ඔහු ඉක්මනින්ම  ඒ හිනාව හංගගත්තා.

නිසොල්මන්ව හිටිය ටෙඩී ඔහුගෙ ෆ්ලෆි බූල් පිරුනු කකුලක් උස්සලා අනෙක් කකුල ලගින් තියාගනිමින් වටයක් කැරකෙමින් ටේහියුන්ග් වෙත හැරුනා. හිසේ  තියන කලු තොප්පිය අතට ගත්ත ටෙඩී එක අතක් පසුපසට ගෙනියමින් අනෙක් අත ටේහියුන්ග්  වෙත දික් කරමින් හිස පහලට නවමින්  ටේහියුන්ග්ට ආචාර කලා.

ආයෙමත් තොප්පිය හිසට දාගත්ත ටෙඩී පිටුපසට ගත්ත අත ඉදිරියට ගෙනඑමින්  ටේහියුන්ග් වෙත දික් කලා.

මැජික් එකකින් මවලා වගේ සුප් කෝප්පයක් අතේ තියන් ඉන්න ටෙඩී දිහා ටේහියුන්ග් ඇස් පුංචි කරලා බැලුවේ උගුර පාදනවා වගේ අත ඉහලට ගෙනියමින් ටෙඩී රගපාද්දි.

සුප් කෝප්පය අතේ තියන් ඉන්න දුබුරු ටෙඩී ටේහියුන්ග් වෙත සුප් කෝප්පය දික් කරමින් අත වනද්දි ටෙඩී දිහා බලන් හිටිය ටේහියුන්ග් හිස දෙපැත්තට වැනුවේ ටේහියුන්ග් එහෙම හිස දෙපැත්තට වනද්දි ටේහියුන්ග් දිහා  බලන් ඉන්න ටෙඩීත් හිස දෙපැත්තට වනද්දි.

සුප් බන්දේසිය එක අතකින් අල්ලන් අනෙක් අතට පුංචි පූස් පැටියෙක්ව ගත්ත ටෙඩී මේ වතාවෙ පූස් පැටියව ටේහියුන්ග් වෙත දික් කරද්දි නම් ටේහියුන්ග් ටෙඩී දිහා බලන් හා කියන්න ඔලුව වැනුවා.

ඉනට අත් දෙක තියාගත්ත ටෙඩී මොනවදෝ  කල්පනා කරනවා වගෙ ටේහියුන්ග් දිහා මොහොතක් බලන් හිටියා. පූස් පැටියා දික් කලා වගේම අනෙක් අතින් සුප් කෝප්පයත්  ටෙඩී  ටේහියුන්ග් වෙත දික් කලේ පූස් පැටියයි සුප් එකයි දෙකම ටෙඩීගෙන් ගන්න කියන්න වගේ. ඒත් ආයෙමත් ටේහියුන්ග් හිස දෙපැත්තට වැනුවේ මුරන්ඩු රෝස බෝලයක් වගේ.

ටේහියුන්හ් එපා කියද්දි ඇත්තටම එපාද අහන්න වගේ ටෙඩීත් ටේහියුන්ග් දිහාම බලන් ඔලුව වැනුවා.

Stolen Love Where stories live. Discover now