ගෙවුනු අවුරුදු තුන තිස්සෙ ටේහියුන්ග්ව පෙන්ත්හවුස් එකේ හිර කරලා තිබ්බත් හැම හද පායන රැයකම ටේහියුන්ග් පුංචි සුරංගනාවි බලන්න පයින් ගහ ලගට ආවා.ඔහු දැනන් හිටියා ඔහුගෙ පුංචි සුරංගනාවි පයින් වනාන්තරයෙ ජීවයේ ආත්මයේ කොටසක් වෙලා ජීවත් වෙනවා  කියලා. පයින් කැලෑවට එන හැම දවසකම පයින් ගහට ගොඩ වෙලා පයින් ගසේ කද මතට කණ තියන් ටේහියුන්ග් ඇගේ හුස්ම අහන් හිටියා.

ඒත් එන්න ඉන්න පුංචි ස්නෝබෝල් නිසා අද ටේහියුන්ග් ට පයින් ගහට නගින්න බැහැ. ඒ නිසා පයින් ගහ ලගින් දණ නමන් ඉදගත්ත ටේහියුන්ග් පුංචි පැටියට නූනව මුන ගැස්සුවා.

ටේහියුන්ග්ට පුංචි සුරංගනාවිව ඔහුගෙ තුරුලේ තියන් රැකගන්න ඔහු වාසනාවන්ත නොවුනත්  ඇයගෙ හුස්මෙ හඩ අහන්න ලැබෙන හැම දවසකම ටේහියුන්ගෙ හදවතෙ මවු සෙනෙහස ප්‍රීතියෙන් කෑගැහුවා.

පුංචි සුරංගනාවි යන්න ගියත් මවු සෙනෙහස නමින් ටේහියුන්ගෙන් එරුන කිරි නතර වුනේ නැහැ. කොයිතරම් කිරි එරුනත් ඒ කිරි පොවන්න පුංචි සුරංගනාවි එදා ටේහියුන්ග් ලග හිටියෙ නැහැ. කිරි බවට පත් වුන ටේහියුන්ගෙ ලෙය ඔහුගෙ සිරුර දිගේ පහලට රූටා ගියා.වේදනාවක් එය. මනුශ්‍ය මනසකට දරාගන්න බැරි තරම් විශාල වේදනාවක්.

දරුවා නමින් කිරට හැරෙන ලෙය දරුවගෙ හුස්ම නොවැටෙන විටත් ඇය වෙනුවෙන් මග බලන් ඉද්දි - දැනෙන ඒ හැගීම .



කුසටත් පයින් ගසේ කදටත් අත තියන් ඇස් පියන් ඉන්න ටේහියුන්ග් ඇගේ හුස්මට සවන් දුන්නා. පුංචි පැටියට නූනගෙ හුස්මෙ හඩ අහන්න දුන්නා. මේ දිහා බලන් ඉන්න ජන්කුක්ට ටේහියුන්ග් කරන දේ ගැන තේරුමක් නැති වුනත් ටේහියුන්ග් ට බාද නොකර ඈතට වෙලා බලන් ඉන්න ඔහු තීරනය කලා.

නමුත් ටේහියුන්ග් දිහා එහෙම බලන් ඉන්න ජන්කුක් ගෙ ඇස් ඉදිරියෙ බොහොම විශේශ දෙයක් සිද්ද වුනා.පයින් ගසේ කද මත පිපිලා තියන පුංචි දම් මල් වල මල් පෙති මලෙ නටුවෙන් මිදිලා හමන් ආව හුලගත් එක්ක එකතුවුනා. පයින් වනාන්තරය පුරා හමන් යන හුලග පුංචි මල්  පෙති එකතු කරගෙන  ජන්කුක් වටා වටයක් ගමන් කරමින් හමන් යද්දි සීතල හුලගෙත් පුංචි මල් පෙති වල පහසත් විදිමින් ඔහු ඇස් පියාගත්තා.

Stolen Love Kde žijí příběhy. Začni objevovat