ජන්කුක් දිහා නොබලම ඔහු  හෙමින් ඔහුගෙ හිස දෙපැත්තට වැනුවා.

"මගෙ ඇනබෙල් මාත් එක්ක තරහ වෙලාද ම්ම්ම්?"

ජන්කුක් හඩ හීනි කරමින් අහද්දි මේ වතාවෙත් ටේහියුන්ග් ඔහුගෙ හිස දෙපැත්තට වැනුවා. ජන්කුක්ගෙ තොල් අග ඇදුනෙ දුක්බර පුංචි හිනාවක්. තත්පරයක්වත් ගත වුනේ නැහැ ජන්කුක් ඔහුගෙ හිතට ආව පලවෙනිම අදහස ක්‍රියාත්මක කලා.බලාපොරොත්තු නොවුන ගැස්මක් ටේහියුන්ග් ගෙ මුවින් පිටවෙද්දි ජන්කුක් ටේහියුන්ග් ව හරහට වඩාගත්තා.ටේහියුන්ගෙ දිගටි ඇස් ඔහුව වඩාගෙන ඉන්න ජන්කුක් වෙත යොමුවෙද්දි හිනාවෙන් පිරුනු ජන්කුක් ගෙ ඇස් ටේහියුන්ග් දිහා බලන් හිටියා.

ජන්කුක්ගෙ ඇස් කොයිතරම් හිනාවුනත් ඒ ඇස් තුල හැංගිලා තියන වේදනාව ගොඩක් හොදින් ටේහියුන්ග්  කියෙවුවා. ඇසි පියවත් නොගහා ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ග් දිහා බලන්ම ජන්කුක් ඔවුන්ගෙ කාමරය වෙත ඇවිදන් ගියා.

කාමරයට ඇවිදන් ආව ජන්කුක් ටේහියුන්ග්ව පරිස්සමට ඇද මත තියන්න ගියත්  ටේහියුන්ගෙ දිගු ඇගිලි ජන්කුක් ගෙ ශර්ට් එක ගුලි කරලා අතට අල්ලගත්තා. තවමත් පුංචිම වෙනසක්වත් නොමැතිව ඒ බැල්මෙන්ම ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

"මම ඉන්නවා."

ටේහියුන්ගෙ අත ශර්ට් එකෙන්  ගලවගත්ත ජන්කුක් ආදරයෙන් ටේහියුන්ගෙ අත සිපගත්තා. ටේහියුන්ග්නුත් ජන්කුකුත් අතර වචනයෙන් ලොකු කතා බහක් සිදු නොවුනත් මේ වෙද්දිත් හැගීම් වලින් ඔවුන් දෙදෙනා ගොඩක් දේවල් කතාකලා. ටේහියුන්ගෙ අත සිපගත්ත ජන්කුක්  එහෙන්ම ටේහියුන්ග් ලගින් ඉදගෙන ඔහුගෙ නලලත සිපගත්තා.

ජන්කුක්ගෙ ඒස්‍රා ගොඩක් ලස්සනයි. ලස්සනට පෙති විකසිත වෙලා පිපුනු සුදු රෝස මලක්.

"ජින් හියුන්ග් කිවුවා පැටියගෙ ජෙන්ඩර් එක දැනගන්න ටේහියුන්ග් කැමති වුනේ නැහැ කියල. ඒත් මම රහසක් කියන්නද?"

"මේ තරම්ම මගෙ රෝස මලගෙ කම්මුල් පිරිලා තියෙන්නෙ අපේ පැටියා පුංචි  කුමාරයෙක් නිසා."

"පිරිමි ලමයි හම්බෙන ඉන්න ඔම්මලා රෝස බෝල වගේ  ගොඩක් බෝල වෙනවලු.මගෙ මැනිකත් රෝස බෝලයක් වගෙ බෝල වෙලා."

Stolen Love Where stories live. Discover now