ගෙවුන දවස් කිහිපය කාමරය තුලටම වෙලා අදුරෙ ගෙවපු නිසා හදිසි ආලෝකයට හුරු වෙන්න ටේහියුන්ග් ගෙ ඇස් වලට මොහොතක් ගත වුනා.නිල් සමනලයා තවමත් ටේහියුන්ග් වටේට තටු ගසමින් ඔහු වෙනුවෙන් බලන් ඉන්නවා.

ගලන් ආව ආලෝකය ටිකෙන් ටික ටේහියුන්ග් ගෙ  ඇස් වලට හුරු වෙන්න පටන් ගනිද්දි ආලෝකයෙන් ආවරණය වෙන්න ඔසවපු අත ටේහියුන්ග් හෙමින් පහල දැන්මා.ටේහියුන්ග් ආලෝකයට හුරු වෙනකන් මග බලන් හිටිය සමනලයා ආයෙමත් ටේහියුන්ගෙන් ඈතට පියාබන්න ගත්තා. සමනලයා පියාබන්නෙ ඔවුන්ගෙ නිවසින් එලියට.

ටේහියුන්ග් බලන් හිටියා පුංචි නිල් සමනලයා නිවසින් එලියට පියබලා යනවා. නමුත් මේ වතාවෙ ටේහියුන්ග් සමනලයා පසුපසින් ඇවිදන් ගියේ නැහැ. ඔහු දිගින් දිගටම විවර වුන දොර දිහා බලන් හිටියා.ටේහියුන්ග්ටවත් තේරුනෙ නැහැ ඇයි ඔහු මෙහෙම දොර දිහා බලන් ඉන්නෙ කියලා. හරියට ඔහු  කෙනෙකුගෙ පැමිනීම බලාපොරොත්තු වෙනවා වගෙයි.මොහොතක් දොර දිහා බලන් හිටිය ටේහියුන්ග් ගෙ ඇස් යලිත් ඔහුගෙ කුස වෙත යොමුවුනා. පරිස්සමට කුස මතින් අත තියාගත්ත ටේහියුන්ග් ආයෙමත් ඔහුගෙ කාමරයට යන්න හැරුනා.

නමුත් අඩි දෙක තුනක් ඉදිරියට ඇවිදන් ගිය ටේහියුන්ගෙ දෙපා හිටිගමන් එක තැන නතර වුනා.නම්ජුන් හියුන්ග් අද වෙනදටත් කලින් ටේහියුන්ග්ව බලන්න ඇවිල්ලා වගෙයි.නිවස ඉදිරියේ නතර වුන වාහනයෙ දොර ඇරිලා වැහෙනවත් වාහනයෙන් එලියට බැස්ස නම්ජුන් ටේහියුන්ග් වෙතට ඇවිදන් එන අඩි හඩත් ටේහියුන්ග් ට ඇහුනා. නමුත් මේ අඩි හඩ? ටේහියුන්ග් ගෙ හදවත ඔහුටත් ද්‍රෝහි වෙමින් නොසන්සුන්ව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

ටේහියුන්ග් වෙත ඇවිදන් එන ඔහුට පිටුපාලා හිටගෙන ඉන්නවා මිසක් ටේහියුන්ග්  ඔහු දිහා හැරිලා බැලුවෙ නැහැ.තදින් තොලට තොල හපාගත්ත ටේහියුන්ග් නිහඩවම ඉදිරිය බලාගෙන හිටියා.

"මගෙ ඒස්‍රා මං වෙනුවෙන් බලන් හිටියද?"

මාස පහකට පස්සෙ ටේහියුන්ග්ට ජන්කුක්ගෙ කටහඩ අහන්න ලැබුනා. ටේහියුන්ගෙ හදවතෙ ඇති වුන හැගීම තරහක්ද, සැනසීමක්ද, දුකක්ද, සතුටක්ද කියලා දන්නෙ ටේහියුන්ග්ම පමනයි .මොකද හැගීම් හංගගන්න දක්ශ ටේහියුන්ගෙන් අදත් ජන්කුක්ට ලොකු ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ.

Stolen Love Where stories live. Discover now