ජියොන් හන්සන්ගෙ මරනයෙ අභිරහස පිලිබදව කොරියාව පුරාම කටකතා පැතිරිලා ගියා. ජියොන් හන්ගෙ උමතුව ඔහුගෙ හැසිරීම එම කට කතා වල ප්‍රදානම මාතෘකාවක් වුනා. වසර 19 ක ජියොන් හන්ගෙ මහසිය ජියොන් හන්ගෙ උමතු ආශාව ඔහුගෙ ඇස් ඉදිරියෙම ටිකෙන් ටික බිද වැටුනා. හන්ග් විසින්ම ඔහුගෙ විනාශයට වල කපාගත්තා.

කිම් නම්ජුන් ජියොන් හන්ග් අභිබවා යමින් 3/4 චන්දයකින් කොරියාවෙ අගමැති ධූරයට පත් වෙද්දි ජියොන් හන්ග් තව තව උමතු වැටුනා. ජියොන් හන්ග් රැස් කරපු ඔහුගෙ තන්හාව එකින් එක ඔහුට අහිමි වීගෙන යනවා. ජීවත් වෙන්න මාලිගාවක් පමනක් අද ඔහුට ඉතිරි වෙලා.

වියරු වැටෙන හැම වතාවකම සයිමන් විසින් හන්ග්ට ඔහුගෙ බෙහෙත් පෙති ලබා දුන්නා. ඒත් අද බෙහෙත් පෙත්තක්වත් අතට ගන්න බැරි තරම් හන්ගෙ හිත බය වෙලා. තමන් වටේ හුස්ම ගනිමින් තමන් ලග ඉන්න සේවකයින් පවා හන්ග්ට පෙනෙන්නෙ ඔහුව මරා දාන්න ඔහුව හොයන් ආව බිල්ලන් මෙනියි. එහි ප්‍රතිඵ්ලයක් වශයෙන් මාලිගාවෙ සේවය කරපු හැම සේවකයෙක්වම හන්ග් මාලිගයෙන් පන්නලා දැන්මා. ලී මින්හොත් හෙලේනත් හන්ග්නුත් පමනක් පාලු මාලිගයෙ තනි වුනා.

ඇයි හන්ග් සයිමන්ව මරා දැන්මේ? ඔහුගෙ ජීවිත කාලය තුල ඔහු ලගින්ම ඉදන් සේවය කරපු ඔහුගෙ විශ්වාසනීයම සේවකයා?

කර්මය. ඔවු කර්මය ඔවුන් සියල්ලක්වම හොයාගෙන ඇවිල්ලා. සැඩ කුනාටුවක් මෙන් ඔවුන්ගෙ ජීවිත කර්මය විසින් විනාශ කරන්න පටන්ගෙන. වැලලුනු අතීතයක කර්මය  වර්තමානයේදිත් ඒ විදියටම ලියවෙන්න පටන්ගෙන.

වියරුවෙන් කෑගැහුව හන්ග් හෙලේනව ඇදෙන් බිමට ඇදලා දැන්මා. සම්පූර්ණ ශරීරයම අප්‍රාණික  ඇයට හන්ගෙ හැම දරුනු වද හිංසනයක්ම ඇගිල්ලක්වත් හෙලවීමට නොහැකිව විදගන්න සිද්ද වුනා.එදා සයිමන් හන්ග්ට බොන්න රැගෙන ආව ඇපල් ජූස් එක හෙලේනා වෙනුවට හන්ග් පානය කලානම් අද හෙලේනා ඉන්න තැන ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි .

කර්මය හරි අපූරු සෙල්ලමක් ඔවුන් සමග සෙල්ලම් කරලා.හෙලේනව දකින හැම වතාවකම හන්ගෙ හිත බියෙන් වෙවුලන්න ගත්තා .ඔහුට අත් වෙන්න ගිය ඉරනම ඇය හරහා ඔහු දකිද්දි හුස්ම ගන්න තත්පරයක් පාසා තමන්ගෙ ජීවිතය වෙනුවෙන් හන්ග් බිය වුනා.ජීවිත සියගනනක් විනාශ කරපු රාක්ශයට පවා අවසානයෙදි මරන බය දැනෙන්න පටන් ගෙන.


Stolen Love Where stories live. Discover now