කොරිඩෝව දිගේ දුවන්න ආව හන්ග් හදිසියෙම නතර වුනේ බාගෙට විවර වුන  දොරක් ලග. අතින් තල්ලු කරමින් දොර විවර කරපු හන්ග් හීනි අඩි තියමින් කාමරය තුලට ඇතුලු වුනා.සම්පූර්න කාමරයම අදුරකින් වැහිලා ගිහිල්ල.බිත්තිය අත පත ගාමින් කාමරයෙ ලයිට්ස් දැන්ම හන්ග් පාලු කාමරය මැද තියන ඇද වෙතට ඇවිදන් ගියා.

නිසොල්මන් ඇය දිහා බලන් ඉද්දි මේ තරම් වෙලාවක් හන්ගෙ මුහුනෙ තිබුන හැගීම්  ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. අත් දෙකෙන්ම හිස බදාගත්ත හන්ග් වියරුවෙන් මෙන් කෑගහන්න පටන් ගත්තා..

"සයිමන් නැහැ. හහ් හහ් හහ් හා. සයිමන් නැහැ.ඌ මැරිලා. හහහ් හහ් හා.

"මම ඌව මරලා දැන්මා. මැරුවා .මැරුවා මම ඌව මැරුවා. මම ඒ බල්ලව මරලා දැන්මා."

"හෙලේනා උබට ඇහෙනවද මම ඒ බල්ලව මරලා දැන්මා. "

අදුරු කාමරයෙ මැද තියන ඇද මත වැතිරිලා ඉන්න  හෙලේනාව හොල්ලමින් හන්ග් කෑගැහුවා.හන්ග් ඇස් විසල් කරගමින් කෑගහද්දි හෙලේනගෙ ඇස් ඔහු දිහා බලන් හිටියා. ඒත් හෙලේනගෙන් හන්ග්ට ආපිට උත්තරයක් ලැබුනෙ නැහැ. හන්ගෙ මුහුනෙ ඇදිලා තියන හිනාව ටිකෙන් ටික අතුරුදහන් වුනා. ඔහුගෙ මුහුන ටිකෙන් ටික වියරු වැටෙන්න පටන් ගෙන.

"කතාකරපන් බැල්ලි. කතාකරපන්. "

හෙලේනගෙ කොන්ඩෙන් ඇදලා ගත්ත හන්ග් වියරුවෙන් කෑගැහුවා. හන්ගෙ මේ වියරු හැසිරීමට හෙලේනගෙ දෑස් මරන බියෙන් වහගත්තත් ඇයට ඔහුත් එක්ක කතාකරන්න උවමනා කලත් අද ඇයට එකදු වචනයක්වත් කතාකරන්න බැහැ. හෙලේනගෙ සිරුර සම්පූර්ණයෙන්ම පන නැතුව ගිහිල්ලා. ඇය අද සම්පූර්ණයෙන්ම අංශබාග රෝගියෙක්.කර්මය අවසානයෙදි ඇයව හොයාගෙන ඇවිල්ලා.

හෙලේනගෙ ස්වාමිපුරුෂයා සයිමන් ඇගේ ඇස් ඉදිරියෙම පන අදිද්දි ඇයට ඔහු දිහා බලන් ඉන්න වුනා. අතක් පයක්වත් හොලවගන්න බැරුව ඇය ඔහු දිහා බලන් හිටියා. දරුනු වේදනාකාරි මරනයක් එය. පැය ගනනක් ලේ ගොඩක් උඩ පන අදිමින් සයිමන් මරනයට පත් වුනා. ජියොන් හන්ගෙ දරුනු වද හිංසන මැද සයිමන් සතෙක් ගානට ඔහුගෙ හාම්පුතා අතින්ම මියගියා.

Stolen Love Where stories live. Discover now