"හීනයක්. හීනයක් මේ හැමදේම හීනයක්."

________________________________

හියුන්ගිට ගොඩක් ආස හිතෙයි චිම් චිම් හියුන්ගිගෙ සරුංගලෙ අරන් දුන්නම..

අදිශ්ඨානය පිරි පුංචි තොල් එකිනෙකට එකක් තද කරගනිමින් පුංචි අත් හරි පරිස්සමට සමබර කරගනිමින් ජිමිනි අඹ ගහ මත බඩ ගෑවෙ කලින් දවසෙ නූල කැඩිලා ගහේ අතු අතරෙ හිර වුන ජන්කුක්ගෙ සරුංගලේ හොයාගෙන.පුංචි ජන්කුක්ට පවා අඹ ගහට නගින එක තහනම් වැඩක් වුනා .ඒත් හන්ගෙ නීති පිලිගන් නැතුව පුංචි ජන්කුක් අඹ ගහට නගින්න උත්සහ කලා එහි ප්‍රතිඵලයක් විදියට ජන්කුක්ටසතියකට ඔහුගෙ කාමරෙ හිර වෙන්න වුනා. පුංචි ජිමින් කොයිතරම් උත්සහ කලත් හියුන්ගි ලගට යන්න මාලිගාවෙ සේවිකාවො ඔහුට ජන්කුක් ලගට යන්න දුන්නෙ නැහැ.හන්ගෙ නීති මැද ඔවුන් සියල්ලක්ගෙම හිස් පහලට බර වෙලා.

පිරුනු පුංචි බෙරි කරන් හියුන්ගිගෙ දොර දිහා බලන් හිටිය පුංචි මැනිකගෙ අවදානය හියුන්ගිගෙ දොර ලගින් අඹ ගහ වෙත යොමුවුනා.

"හියුන්ගිගෙ සරුංගලේ."*********



අඹ අත්තක කෙලවරටම බඩගාගෙන ආව ජිමිනි ඔහුගෙ පුංචි බෝල අත් දිගු කරමින් සරුංගලය අල්ලගන්න උත්සහ කලා. තවමත් ජිමිනිගෙ අත දුර මදි තවත් ටිකක් අත්තෙ ඉදිර්‍යට බඩගාපු ජිමින් ආයෙමත. සරුංගලය  වෙතට අත දිගු කලා.


චිමීེචිමී... චිම්මී...

ජිමින්ගෙ අත පුංචි අග සරුංගලය ස්පර්ශ කරනවාත් එක්කම ඔහුට ඇහුනෙ ජන්කුක්ගෙ කටහඩ.ජිමින්ගෙ බෝල ඇස් උඩුමහලෙ තියන ජන්කුක්ගෙ නිදන  කාමරයෙ ජනේලය වෙත යොමුවුනා. ජනේලෙන් එලියට එන්න උත්සහ කරමින් ජන්කුක් ජිමින්ට කෑගහනවා. ඔහුගෙ මුහුනෙහි ඇදිලා තියන බිය පුංචි ජිමිනිට තේරුම් ගන්න බැරි වුනා.හියුන්ග් දකිද්දි පුංචි මැනිකගෙ මුහුනෙයි ඇදුනෙ හුරතල් සතුටු හිනාවක්. ඉක්මනින්ම සරුංගලේ අතට ගත්ත ජිමින් සරුංගලෙ උස්සලා පෙන්නමින් හියුන්ග්ට අත වනන්න උත්සහ කලා. නමුත්...



ජන්කුක්ගෙ හඩ සම්පූර්ණ පරිසරය විසින්ම වෙලාගනිද්දි පුංචි ජිමිනි හියුන්ගි දිහා බලාගෙනම ගහෙන් පහලට අත්ත මතින් ලිස්සලා වැටුනා. ජන්කුක්ගෙ මතකෙ තිබුනෙ නැහැ ඔහු කොහෙද හිටියෙ කියලවත්. උඩුමහලෙ ජනේලෙ ඉදන් ජන්කුක් බිමට පැන්නත් තවමත් හරියට මෝරලාවත් නැති පුංචි දෙපා වලට ඒ තරම් විශාල තෙරපුමක් දරාගන්න බැරි වුනා. තනකොල බිස්ස මත පෙරලිලා ගිය ජන්කුක් ආයෙමත් ඉක්මනින්ම නැගිටලා ජිමින් ලගට දුවන් යන්න ගියත් දෙපා කෙලින් කරගන්න බැරි වේදනාවකුයි ඔහුට දැනුනේ. වයස අවුරුදු පහක දරුවෙක් තමන්ගෙ බිදී ගිය දෙපා වල වේදනාව අමතක කරලා ගහ මුල වැටිලා හඩමින් ඉන්න ඔහුගෙ පුංචි මල්ලි වෙත අපහසුවෙන් නැගිටගනිමින් වැටි වැටි දුවන් ගියා.

Stolen Love Место, где живут истории. Откройте их для себя