ජන්කුක් ලග හිටන් ඉන්න ටේහියුන්ග් යුන්ගිත් ජිමිනුත් වෙතට ඇවිදන් යද්දි ජන්කුක් ගෙ අත තදින් ටේහියුන්ගෙ අතින් අල්ලගත්තා.නම්ජුන්ව තල්ලු කර දමමින් ජන්කුක් ඔහු වැටිලා ඉන්න තැනින් නැගිට්ටා. ජන්කුක්ගෙ රතු ගැහුනු වේදනාබර ඇස් දිහා ටේහියුන්ග් කිසිම හැගීමක් නැති ඇස් වලින් බලන් ඉද්දි ජන්කුක් වේගයෙන් වේගයෙන් ඔහුගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහිදගත්තා.

"සමාව දෙන්න මගෙ මැනිකට. මගෙ මැනිකට සමාව දෙන්න ටේහියුන්ග් . ඔයාට පුලුවන්ද මගෙ මැනිකට සමාව දෙන්න."

"මගෙ මල්ලි මාව දාලා යන්නම යන්න ගිහිල්ලා. අන්තිම මොහොත වෙනකන් එයා බලන් හිටියා ඔයා වෙනුවෙන්. මගෙ මල්ලිට සමාව දෙන්නකො මගෙ රත්තරනෙ. දන්නවා මගෙ බෙයාට එහෙම කරන්න බැහැ කියලා ඒත් අර බලන්න එයා යන්න ගිහිල්ලා එයාගෙ හියුන්ග්ව දාලා යන්න ගිහිල්ලා. මගෙ ලෝකෙ මාව දාලා යන්න ගිහිල්ලා. "

"හැමදාම හියුන්හ් ලගට ඇවිල්ලා මගෙ ජිමිනි ඉල්ලුවෙ එකම එකම ඉලීමයි. එයාගෙ බක්ව එකම එක දවසකට එයා ලගට ගෙනත් දෙන්න. ඒත් ඒත් හියුන්ග් ගෙනත් දෙන්නත් කලින්  එයා මාව දාලා යන්න ගිහිල්ලා."

"පොරොන්දුන් දුන්නනෙ මැනිකෙ ඇයි ඉතිබ් මේ. උබ හියුන්ග්ට පොරොන්දු දුන්නා උබට දඩුවම් ලැබෙද්දි හියුන්ග්ව උබ ලගින් තියාගන්නවා කියලා."

"හියුන්ග්ට වඩා යුන්ගි හියුන්ග්ට ආදරෙ නිසාද එයාව විතරක් උබ ලගින් තියාගත්තෙ. එහෙම කරන්න එපා හියුන්ග්ට ඉරිසියා හිතෙනවනෙ. ඔයා මගෙ චිමීනෙ. හියුන්ගිගෙ පුංචි කුමාරයනෙ."

"හියුන්ග් කෝල් එක ආන්සර් කරපු නැති නිසාද ඔය තරම් මුරන්ඩු වුනේ. අනෙ මට සමාවෙයන් මගෙ මැනිකෙ. හියුන්ග්ට සමාවෙයන්."

තමන්ගෙම ඔලුවට ගහගත්ත ජන්කුක්  දූවිලි පොලව මත ආයෙමත් දනින් වැටුනේ ඉක්මන් වුන නම්ජුන් ජන්කුක්ව අල්ලගන්න උත්සහ කරද්දි ඒත් නම්ජුන්ව තල්ලු කරමින් ජන්කුක් දූවිලි පොලව මත ගුලිවුනා.ජන්කුක් ජිමින් ලගට ඇවිදන් යන්න ඒ මොහොතෙදි බය වුනා. ඔහු තුල ශක්තියක් තිබුනෙ නැහැ.දූවිලි පොලව මත ගුලි වෙලා ඇස් පියාගත්ත ජන්කුක් ඉකිගසමින්ම නිදියන්න උත්සහ කලා.ඔහු මේ දකින භයානක හීනෙන් ඔහු ඇහැරෙන්න ඕනෙ. තමන්ට තමන්වම ගුලි කරගනිමින් ඇස් පියන් ඉන්න ජන්කුක් ට දැනුනා යමෙක් ඔහුගෙ ඔලුව උස්සලා ඔහුගෙ ඔඩොක්කෙන් තියාගන්නවා. ජන්කුක් ගෙ හිස ඔහු හෙමින් අතගානවා.

Stolen Love Where stories live. Discover now