"නපුරු විසෙන් බිදුන ආත්මයක හීන හංගගත්ත රෝස ගහක්."

"පාලු කාන්තාරයට එක උයන්පල්ලෙක් ඇවිදන් එනකන් තමන්ටත් හොරෙන් මග බලන් හිටිය රෝස ගහක්."

"රෝස ගහ බලන් හිටියා වගේම නොහිතපු එක දවසක කාන්තාරයට උයන්පල්ලෙක් ඇවිදන් ආවා."

"පිපුනා එක රෝස පොහොට්ටුවක් මල් පිපෙන්න උරුම නොවුනත් ඒ රෝස ගහේ."

"පිපුන පුංචි රෝස පොහොට්ටුවත් කටු රෝස පැලේට අහිමි වී යාවිදෝ- රෝස ගහ මහ ගොඩක් බය වුනත්."

"රැක්කා ඒ උයන්පල්ලා ඔහුගෙ මුලු ජීවිතයම කටුරෝස පැලය නමින් ලියාදෙමින්"

"කටු පිරුනු වියලි රෝස ගහ ඔහු හරි  ආදරයෙන් වැලදගත්තා. නපුරු විස පිරුනු කටු උයන්පල්ලට රිදවද්දිත් කටු ගහ අත් නොහැරපු උයන්පල්ලා කටු රෝස පැලය තව තව තදින් අල්ලගත්තා."

"පිපෙන පුංචි රෝස මල වෙනුවෙන් දින ගනිමින් උයන්පල්ලා බලන් හිටියා. දින ගනින උයන්පල්ලා දිහා හොරැසින් බලන් හිටිය කටු රෝස ගහත් උයන්පල්ලාත් එක්ක හොරෙන්ම දින ගනින්න පටන් ගත්තා."

"දින ගෙවෙද්දි ඔවුන් බලන් හිටිය පුංචි රෝස පොහොට්ටුවේ පෙති විකසත වෙමින් හෙමින් හෙමින් පිපෙන්න පටන් ගත්තා."

"කටු පිරුනු වියලි රෝස පැලය පිපුනු සුදු රෝස මලක ආදරනීය අයිතිකාරියක් වෙද්දි රෝස පැලය ලගින් හිටන් හිටිය උයන්පල්ලා ආදරය පිරුනු අහිංසක ආඩම්බරයකින්  ඒ දිහා බලන් හිටියා."

මල් වත්ත මැදින් ඇවිදන් යන ටේහියුන්ග් ඔවුන්ගෙ ගමන මගින් නතර කරමින් ජන්කුක් වෙතට හැරුනා.ජන්කුක්ගෙ ඇස් වලට එබුන ටේහියුන්ග් ඔහුගෙ අත් දෙකෙන්ම ජන්කුක්ගෙ කම්මුල් අල්ලගත්තා.

"ආදරනීය උයන්පල්ලා ජියොන් ජන්කුක්ගෙ කටු පිරුනු රෝස ගහ ජියොන් ටේහියුන්ග්, මුලු ලෝකයක්ම ඉරිසියා කරන ආදරයක් ලබන්න උරුකම් කියපු කටු රෝස ගහ."

"වචනයෙන් පිං දෙන්න බැරි තරම් මම උඹට ණයයි මගෙ කූ."

"බලන් හිටියා ඒස්‍රාගෙ අතින් අල්ලගත්ත හිතුවක්කාරයා මේ ගමන ඇවිදන් යන දිහා. බලන් හිටියා කවදාම හෝ ඒ අල්ලගත්ත අත හිතුවක්කාරයාගෙ අතින් අත  අතහැරෙයිද කියලා. ඒත් කොයිතරම් මහන්සි දැනුනත් ඒ අල්ලගත්ත ශක්තිමත් අත අදටත් ඒස්‍රාව තදින් අල්ලගෙන ඉන්නවා."

Stolen Love Where stories live. Discover now