ටේහියුන්ගෙ කදුලු පිහිදන ජන්කුක්ගෙ අත මත හාදුවක් තිබ්බ ටේහියුන්ග් ඒ අතින් අල්ලන්ම ලී බංකුවෙන් නැගිට්ටා.

"මගෙ කූ එනවද මාත් එක්ක මල් වත්තෙ ඇවිදින්න යන්න."

ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිනාවෙමින් අහන ටේහියුන්ග් දිහා ඔහු මොහොතක් බලන් හිටියා. ටේහියුන්ග් වෙත දික් වෙන ජන්කුක්ගෙ අතේ වැලමිට යටින් අත යවමින් අත පටලගත්ත ටේහියුන්ග්  ජන්කුක්  එක්කම හෙමින් මල් වත්තට ඇවිදන් ගියා.

ටේහියුන්ග්වත් ජන්කුක්වත් පහු කරගෙන විරුද්ද අතට හමන හුලග ආදරනීයව ඔවුන්ව වැලදගත්තා.

"අර පේන ඩේසි මල් පැලේ මගෙ කූ තමා හිටෙවුවේ. කූ පුරුදු වෙලා හිටියා හැමදාම උදේට ඒස්‍රාගෙ කන පිටිපස්සෙන් පුංචි ඩේසි මලක් තියන්න. බලන්න කූ එයත් අපි දෙන්නා වගේම දැන් ගොඩක් වයසට ගිහිල්ලා."

ටේහියුන්ග් පෙන්නන ඩේසි මල් පැලේ දිහා බලන් හිටිය ජන්කුක්ගෙ මුහුනෙ පුංචි ආදරනීය හිනාවක් ඇදෙද්දි ජන්කුක්ගෙ මුහුන දිහා බලන් හිටිය ටේහියුන්ග් ඊටත් වඩා සතුටෙන් ආදරනීයව ජන්කුක් දිහා බලන් හිනාවුනා.

පුංචි කහ රෝස මලක් මල් වත්තෙන් කඩාගත්ත ටේහියුන්ග් කහ රෝස මල ජන්කුක්ගෙ ශර්ට් සාක්කුව උඩින් රැදෙවුවා. හමන හුලගට අවුල් වෙන ජන්කුක්ගෙ කොන්ඩය අතින් පස්සට පීරමින් ලස්සනට හැදුව  ටේහියුන්ග් ඇස් හීනි කරගනිමින් ජන්කුක්ගෙ හැඩ බැලුවා.

"ගොඩක් ලස්සනයි."

"ඒස්‍රාගෙ කූ."

ටේහියුන්ග් ගැහුව රෝස මල දිහා බලන් මුමුනන ජන්කුක්ගෙ කම්මුලක් මිරිකමින් හිනාවුන ටේහියුන්ග් ජන්කුක්ගෙ උරහිස මතින් හිස තියාගත්තා.

"ඔවුනෙ ඒස්‍රාගෙ කූනෙ මේ."

"පිපුනු මල් පරවෙලා හුලගෙ ගහන් ගිය, වියලුනු කටු පිරුනු රෝස ගහක් පාලු කාන්තාරයක තනිවම ජීවත් වුනා. කවුරුත්ම ලං වෙන්න කැමති නැති බය, විස කටු පිරුනු රෝස ගහක්."

"ජීවිතයේ ආයෙ කවමදාවත් මල් පිපෙන්න උරුම නොවුන රෝස ගහක්.

"මුලු ලෝකෙටම වෛර කරපු නපුරු රෝස ගහක්."

Stolen Love Where stories live. Discover now