" මහත්තයා."



රිපෝටස්ගෙ  මුහුනු තව තව කුතුහලයෙන් වැහිලා යද්දි මහලු පුද්ගලයා තවත් පුදුමාකාරි දෙයක් කලා. ටේහියුන්ග්ගෙ අත අල්ලගත්ත මහලු පුද්ගලයා ටේහියුන්ගෙ අත රැගෙන ඔහුගෙ නලල මතින් තියාගත්තා.


"ජියොන් හන්සන්ග්  .මගෙ මහත්තයා ආයෙමත් ඇවිල්ලා."

ටේහියුන්ගෙ අත හිස මත තියන් මුමුනපු මහලු පුද්ගලයාගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙනවා.

"ජියොන් හන්ස්නග්? කවුද ජියොන් හන්සන්ග් කියන්නෙ."


එක රිපෝටර් කෙනෙක් ඔහු ලග හිටගෙන ඉන්න ඔහුගෙ පාර්ට්නර්ගෙ කනට  කර  එහෙම රහසින් අහද්දි ඒ කතබහ අහන් හිටිය තවත් රිපෝටර් කෙනෙක් ඔහුගෙ ජංගම දුරකතනය අතට ගත්තා.

ජියොන් හන්සන්ග් කියන නම ගූගල් කරපු ඔහු දුරකතනය දිහා බලන් හිටියෙ විසල් කරගත්ත දෑසකින්. දුරකතනය දිහාත් සැරෙන් සැරේ ටේහියුන්ග් දිහාත් හිස ඔසවමින් බැලුව රිපෝටර් දුරකතනයෙ දිස් වෙන හන්සන්ගෙ රුවත් ටේහියුන්ගෙ රුවත් සංසන්දනය කලා.


"කොරියාවෙ අවසන් ජියොන් රජපෙලපතෙ එකම උරුමක්කාරයා ජියොන් හන්සන්ග්."

Deceased Date   2004 December 30 th.



මේ සියල්ලක්ම රූපවහානියෙන් නරබමින් ඉන්න වැඩිහිටි පුරවැසියන් ටේහියුන්ග් ගෙ රුව රූපවාහනියෙන් ප්‍රදර්ශනය වෙද්දිම ඉබේටම ඔවුන් ඉදගෙන හිටිය අසුනෙන් නැගිට්ටා.ඔවුන්ගෙ මේ හැසිරීම දිහා ඔවුන්ගෙ දරුවන් බලන් හිටියෙ ගොඩක් පුදුමයෙන්.


ජියොන් හන්සන් කුමරුන්ගෙන් ජියොන් රජ පෙලපත ඉවර වුනා කියලා ඔවුන් හිතන් හිටියට අද ඔවුන්ගෙ ඇස් ඉදිරිපිට ජියොන් හන්සන්ග් හිටගෙන ඉන්නවා මෙන් ඔවුන්ට දැනුනා.


මහලු පුද්ගලයා ලග දනනමන් ඉන්න ටේහියුන්ග් ලගට ඇවිදන් ආව ජන්කුක් ටේහියුන්ග්ගෙ උරහිසෙන් අත තිබ්බා.ජන්කුක්ගෙ ස්පර්ශය දැනෙද්දි ටේහියුන්ග් ජන්කුක් දිහා හැරිලා බැලුවා.


" ඔෆිසර් "

මහලු පුද්ගලයාව පෙන්නමින් ඔෆිසර්ට යමක් කිවුව ජන්කුක්  ටේහියුන්ග් ගෙ අතින් අල්ලමින් ඔහුව නැගිට්ටුවා. ටේහියුන්ග් ගෙ අතින් අල්ලගත්ත ජන්කුක් මාලිගය වෙත හැරුනා.මාලිගයෙ විශාල ගේට්ටු ජන්කුක් ට විවෘත වෙද්දි ජන්කුක්ගෙ ඇස් හරි කෙලින් මාලිගය වෙත එල්ල වෙලා තිබුනා.



Stolen Love Where stories live. Discover now