"ඔවු ඔබසැම දැන් එකතුවෙලා ඉන්නෙ KS media සමගිනුයි .මීට සුලු මොහොතකට කලින් අගමැති මාලිගය .."

"අගමැති ජියොන් හන්ගෙ දෙවෙනි පුතු ජියොන් ජන්කුක් ලග හිටගෙන ඉන්න මේ තරුනයා ජියොන් ජන්කුක්ගෙ   නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා බවට ජියොන් ජන්කුක් විසින් අප  මාධ්‍යය ඉදිරියෙ ප්‍රකාශයක් ඉදිරිපත් කලා."

"දේශපාලන ලෝකයෙ ජියොන් හන්ගෙ ලොකුම ප්‍රතිවාදියෙක් වන කිම් නම්ජුන් සමග ජියොන් සොක්ජින්ගෙ විවාහයෙන් පසුව ආයෙම වතාවක් ජියොන් පවුලෙ සිද්දවුන දෙවෙනි විවාහය මෙය වුනත් ජියොන් ජන්කුක්ගෙ මේ හදිසි විවාහය ගැන ජියොන් හන්ග් දැනුවත්ද ?"

"ජියොන් පවුලට එකතුවුන මේ අලුත් සාමාජිකයා කාගෙ කවුද යන්න තවමත් අප සැමට රහසක්."



මාලිගය අවට එකතුවෙලා ඉන්න රිපෝටර්ස්ලා ජන්කුක් ලග හිටගෙන ඉන්න ටේහියුන්ගෙ ඡායාරූප දිගින් දිගටම රූපගත කලත් ටේහියුන්ග් කියන්නෙ කාගෙ කවුද යන්න ගැන ඔවුන්ට තවම සම්පූර්ණ වැටහීමක් තිබුනෙ නැහැ. නමුත් රිපෝටස්ලා අතර හිටගෙන හිටිය එකම එක මහලු වයසෙ රිපෝටර් කෙනෙක් ටේහියුන්ග් වාහනයෙන් බැස්ස මොහොතෙ සිට තවම ටේහියුන්ග් දිහා නිහඩව බලන් ඉන්නවා. හමුදා භටයන් මැද හිටගෙන ඉන්න ටේහියුන්ග් ලගට ඒ රිපෝටර් හෙමින් ඇවිදන් යන්න උත්සකලත් ඉදිරියට යන්න පොරකන රිපෝටර්ස්ලගෙ ඇගේ වැදිලා මහලු වයසෙ පසුවෙන ඔහු සෙනග ගොඩේම බිම ඇදගෙන වැටුනත් මහලු මනුස්සයෙක් බිම ඇද වැටුනා කියාවත් ගනනක් නැතිව තවම රිපෝටර්ස්ලා ඔවුන් අතරෙ පොර කනවා.

නමුත් ඔවුන් සියල්ලක්ම තත්පරේකින් එක තැන ගල් ගැහිලා ගියේ හමුදා ආරක්ශාව මැද හිටගෙන ඉන්න ටේහියුන්ග් තනිවම ඔවුන් වෙතට ඇවිදන් එද්දි. ඔවුන් කාටවත් තේරුම් ගන්න නොහැකි Aura එකක් ටේහියුන්ග් තුලින් ඔවුන්ට දැනෙද්දි ටේහියුන්ග් ට යන්න මාර්ගයේ ඉඩ දෙමින්  රිපෝටර්ස්ලා මාර්ගයෙ දෙපැත්තට වුනා.ටේහියුන්ග් ඉදිරියට තියන එක අඩියක් පාසා අමුතුම ගුප්ත බවක් රැදිලා තිබුනා.

බිමට වැටුන මහලු පුද්ගලයා ලගට ඇවිදන් ආව ටේහියුන්ග් මහලු පුද්ගලයා ලග දන තියලා පහලට නැවුනා.ටේහියුන්ග් ඔහු වෙතට අත දික් කලත්  ටේහියුන්ග් ගෙ අතින් අල්ලගන්නාව වෙනුවට මහලු පුද්ගලයා කදුලු පුරවගත්ත ඇස් වලින් ටේහියුන්ග් දිහා බලන් හිටියා.
අතීතයක ජීවමාන රූප රාමු මහලු ඔහුගෙ ඇස් ඉදිරියෙ රූපගත වෙනවා.


Stolen Love Where stories live. Discover now